(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට බිත්තර සැපයීමේ ටෙන්ඩරය ඉන්දීය සැපයුම්කරු දෙදෙනෙක්ට ප්‍රදානය කළ බවත් එහිදී අඩුම මිල ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන් දෙදෙනා තෝරාගත් බවත් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය.
ඉන්දියාව ලෝකයේ ප්‍රධානතම බිත්තර ආනයනකරුවෙක් වීම නිසා ශ්‍රී ලංකාවට බිත්තර ආනයනය කිරීමේ ගැටලුවත් මතු නොවන බවත් සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා අවසර ගැනීමට අවශ්‍ය සියලුම ලේඛණ සහ වාර්තා යොමු කරන බවත් අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය අංශයෙන් ඒ සඳහා අවසර නොලැබුණ හොත් ආනයනය සඳහා කළ යුතු ඊළඟ පියවරට යන බව කී අමාත්‍යවරයා මුදල්, වෙළෙඳ සහ කෘෂිකර්ම යන අමාත්‍යංශවල ලේකම්වරු බිත්තර ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද කර බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනයනයට උඩ පැනගෙන වැඩ වගේ... කොමිස් කුට්ටිය හීනෙනුත් පේනවා ඇති. රටකට අවශ්‍ය බිත්තර ටිකවත් නිෂ්පාදනය කරගන්න සැලැස්මක් නැති මිනිසුන් රටක් ගොඩනගයිද? බිත්තර නොකා මාස කීපයක් හිටියා කියලා මැරෙන්නේ නෑනේ කවුරුත්...!
ඉන්දියාවේ කුරුළු උණ නැද්ද දැන්...?
මොකක්ද යකෝ ඒ කැකිල්ලේ තීරණේ? සියලු වාර්තා සහ දත්ත ගන්න විමර්ශණ කරන්න කලින් ටෙන්ඩරය ප්‍රදානය කරේ. අනේ වඳින්නම් පුළුවන් නම් දේශීය බිත්තර නිෂ්පාදකයන්ට ඔය සහනය දීලා ඒ මත යැපෙන පවුල් ලක්ෂ හය, හත ජීවත් කරන්න.
කුකුල් මසුත් ගෙන්නන්න වෙයි .කුකුළු ගොවිපලවල් වයිරසයක් නිසා විනාශ වුවහොත් ලංකාවේ ඉස්සන් හා සම්බන්ධ ගොවිපලවල් සම්පූර්ණයෙන් විනාශ වුනා ඔවැනි වයිරස් රෝගයක් නිසා
ඇන්ටි බයොටික් ගිල්ලපු කිකිළියන්ගේ බිත්තර ආහාරයට නුසුදුසු සහ අවදානම් බව කරුණාවෙන් සලකන්න...