(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පිසින ලද මාළු කෑලි විස්සක් ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්සලයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරීමට උත්සාහ දැරූ බව කියන එහි ආහාර පාන අංශයේ සේවකයෙක් පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (11) සවස අත්අඩංගුවට ගනු ලැබීය.
මේ සේවකයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.
මෙම ආහාර ද්‍රව්‍ය පාර්සලය හමුවී ඇත්තේ සැකකරු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී ඔහුගේ ගමන් මල්ල පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරනු ලැබූ මොහොතේදීය.
මෙම පාර්සලයේ තිබී දියර කිරි බෝතලයක් සහ ඉඟුරු 250ක්ද සොයාගත් බව පාර්ලිමේන්තු පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.
දියර කිරි තිබී ඇත්තේ හිස් වතුර බෝතලයකය.
ටින්කිරි ටින් ඇතුළු ආහාර ද්‍රව්‍ය පාර්ලිමේන්තුවෙන් පිට කිරීමට උත්සාහ දැරූ බව කියන එහි භාණ්ඩ පරික්ෂා අංශයේ ( එක්ස් රේ) සේවකයෙක් පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරින් විසින් මීට මාස කිහිපයකට ඉහතදී අත්අඩංගුවට ගනු ලැබීය.
පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ වැඩ තහනම් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවෙන් ආහාර ඇතුළු භාණ්ඩ පිටකිරිම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අදාළ අංශවලට දැනටමත් නියෝග කර ඇත. කෙසේ වෙතත් ආහාර ද්‍රව්‍ය පිට කිරීම දිගින් දිගටම සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
මෑතක සිට ආහාර ද්‍රව්‍ය පිට කිරීම වැඩිවූ තත්වයක් පෙනෙන්නට ඇතැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර විශාල ප්‍රමාණයක් අපතේ යෑම නිසාද දෛනිකව නාස්ති වන බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇතුලේ ඉන්න මහ එකාගේ ඉඳලා පොඩි එකා දක්වා මහා හොරු
කන්න නැති නිසානේ ඒවා ඉස්සුවේ.දැන් සමහරු ඔය මහා භාණ්ඩාගාරය එහෙම්පිටින්ම උස්සලත් ආයෙත් ඇවිත් ඉන්නේ ?
ඔහු තම පවුල පෝෂණය කිරීම සඳහා එය රැගෙන යා හැකිය. කරුණාකර පියවර ගන්න එපා. අපිට වුණත් මේ කැන්ටිම වහලා ඒ සල්ලිවලින් දුප්පත් මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්.
හොරුන්ට පිනට දෙන්න තියන දෙයින් ගත්තම කොහොමද හොරකමක් වෙන්නෙ?
අැතුලෙ ඉන්න කාලකන්නි ගෙ බඩවල් පුරවනවට වඩා ගෙදර ඉන්න දරුවකුට ජනතා මුදලින් මාලු කෑල්ලක් කන්න දීම.
ගෙදර අයගේ බඩගින්න නිවන්න ගෙනියන්න ඇති .දේශපාලුවෝ කරන කෝටි ගණන් හොරක ම් ඔය එක්ස් ට්‍රේ එකට අහුවෙන්නේ නැහැ නේ
මේක නම් මහා හොරකමක්. උපරිම දඩුවම් දිය යුතුයි . මොකද ඔය ගෙදරම ඉදන් මිලියන බිලියන ගනනින් රටම හොරාකන කට්ටිය බයවෙලා ඒව නවත්වල අපිට සේවය කරයි. කොහොම උනත් හාම්පුතුන්ගෙ අඩිපාරෙ සේවකයෙක්.
ආර්ථික අර්බුදයේ අතුරු ප්‍රතිපල.
ඕක ඇතුළේ වැඩට ඉන්න අයගෙන් 90%ක් කතානායකගේ නෑදෑයෝ නේද? ලැජ්ජයි...!