(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා හමුවී රහසිගතව සාකච්ඡා පැවැත්වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදිප් විතාන මහතා පවසයි.
කොමිසමේ පැහැදිලි බෙදීමක් තිබියදී නිල නොවන මට්ටමින් සිදු වූයේ යැයි කියන මෙම හමුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බව ද සහන් ප්‍රදීප් මහතා කීය.
මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම උපදෙස් ලබාගත යුත්තේ නීතිපතිවරයාගෙන් පමණක් බවද එලෙස තිබියදීත් නීතියට පරිබාහිර පුද්ගලයකුගෙන් අදහස් විමසීම මෙරට මැතිවරණ ක්‍රියාදාමය හෑල්ලුවට ලක් කිරීමක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම බයක් තියෙන්නෙ චන්දදයට..
මිනිස්සුන්ට ඔය කිසිවකින් පලක් නැත..මගේ රටේ අහිංසක අසරණ මිනිස්සුන්ට එදාවේල කාලා දරැවන්ට උගන්නගන්න ක්‍රමයක්.. රට දියුනුකරන ක්‍රමයක් ගැන කිසිකෙනෙක් කතාකරනනේ නෑ.. අරයගේ කුණු මෙයාගේ කුණුම හොය හොය ඉනනවා... රටේ දියුන්වට සැලසුම් කිසිවක් නෑ...
හොරකම් කරපුව ගැන පරික්ශන මොකුත් නැහැ, චන්දෙ නොතියන්න දහසක් උප්පරවැට්. තව පහුවෙන්න වෙන්න අලි-පොහොට්ටු චන්ද බින්දුවට බහිනව
ඒකට ඉස්සෙල්ලා එම සාමාජිකයන් ජනාධිපතිව හමුවීම පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ..., මොකද ජනාධිපතිට අයිතියක් නැහැ ඒ ගොල්ලන්නේ වැඩවලට ඇඟිලි ගහන්නේ...
බෙදීම කියලා දෙන්න ළඟදීම අපි එනවා ගෙදරට... රටකෑවා...
සාලිය පීරිස් කියන්නේ කවුද කියලා දන්නෙ නැතුවද.... හොරාගේ අම්මාගෙන් පේන අහන්න හදන්නේ...?
නියමයි නෙ. ආකිමිඩීස් ඔයත් දන්න ජාති. ඔයා නම් නියමයි මෙයා. ඊට පස්සෙ නිරුවතින් දිව්වෙම නැද්ද සහන්?
මේ බෙදීම ආණ්ඩුවේ නිර්මාණයක් .මැතිවරණ කොමිසමේ එහෙම බෙදීමක් නැහැ