IMG-LOGO

මැතිවරණ කොමිසමේ සභාපතිගේ රහස් හමුව ගැන පරීක්ෂණයක්?

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොමිසමේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා හමුවී රහසිගතව සාකච්ඡා පැවැත්වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදිප් විතාන මහතා පවසයි.

කොමිසමේ පැහැදිලි බෙදීමක් තිබියදී නිල නොවන මට්ටමින් සිදු වූයේ යැයි කියන මෙම හමුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුවිය යුතු බව ද සහන් ප්‍රදීප් මහතා කීය.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කොමිසම උපදෙස් ලබාගත යුත්තේ නීතිපතිවරයාගෙන් පමණක් බවද  එලෙස තිබියදීත් නීතියට පරිබාහිර පුද්ගලයකුගෙන් අදහස් විමසීම මෙරට මැතිවරණ ක්‍රියාදාමය හෑල්ලුවට ලක් කිරීමක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.



අදහස් (8)

මැතිවරණ කොමිසමේ සභාපතිගේ රහස් හමුව ගැන පරීක්ෂණයක්?

pradeep Thursday, 12 January 2023 04:57 PM

පුදුම බයක් තියෙන්නෙ චන්දදයට..

:       0       1

ඔසද මදුරවි සිල්වා Thursday, 12 January 2023 05:07 PM

මිනිස්සුන්ට ඔය කිසිවකින් පලක් නැත..මගේ රටේ අහිංසක අසරණ මිනිස්සුන්ට එදාවේල කාලා දරැවන්ට උගන්නගන්න ක්‍රමයක්.. රට දියුනුකරන ක්‍රමයක් ගැන කිසිකෙනෙක් කතාකරනනේ නෑ.. අරයගේ කුණු මෙයාගේ කුණුම හොය හොය ඉනනවා... රටේ දියුන්වට සැලසුම් කිසිවක් නෑ...

:       0       1

nanda Thursday, 12 January 2023 05:39 PM

හොරකම් කරපුව ගැන පරික්ශන මොකුත් නැහැ, චන්දෙ නොතියන්න දහසක් උප්පරවැට්. තව පහුවෙන්න වෙන්න අලි-පොහොට්ටු චන්ද බින්දුවට බහිනව

:       0       1

නිමේෂ් Thursday, 12 January 2023 06:14 PM

ඒකට ඉස්සෙල්ලා එම සාමාජිකයන් ජන‍ාධිපතිව හමුවීම පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕනේ..., මොකද ජනාධිපතිට අයිතියක් නැහැ ඒ ගොල්ලන්නේ වැඩවලට ඇඟිලි ගහන්නේ...

:       0       1

Lakmal Thursday, 12 January 2023 07:27 PM

බෙදීම කියලා දෙන්න ළඟදීම අපි එනවා ගෙදරට... රටකෑවා...

:       0       20

Deepal Nirosh Thursday, 12 January 2023 08:20 PM

සාලිය පීරිස් කියන්නේ කවුද කියලා දන්නෙ නැතුවද.... හොරාගේ අම්මාගෙන් පේන අහන්න හදන්නේ...?

:       0       1

රවීන් ද සිල්වා Thursday, 12 January 2023 10:13 PM

නියමයි නෙ. ආකිමිඩීස් ඔයත් දන්න ජාති. ඔයා නම් නියමයි මෙයා. ඊට පස්සෙ නිරුවතින් දිව්වෙම නැද්ද සහන්?

:       0       1

Rohana Friday, 13 January 2023 07:50 AM

මේ බෙදීම ආණ්ඩුවේ නිර්මාණයක් .මැතිවරණ කොමිසමේ එහෙම බෙදීමක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site