(සුජිත් හේවාජුලිගේ )

ඩෙංගු රෝග ලක්ෂණ සහිත දරුවන් සිටී නම් ඔවුන් නොපමාව රෝහල්ගත කිරීමට කටයුතු කරන්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන් ගෙන් ඉල්ලීමක්  කළේය.

ප්‍රමාද වී රෝහල් ගත කළහොත් භයානක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි බවද  ඔහු සඳහන් කළේය.

අඩු තරමින් රෝහල්වල බාහිර රෝගී අංශ වලට  හෝ  දරුවන් රැගෙනවිත් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඩෙංගු රෝගී දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දැනට ඩෙංගු රෝගී දරුවන් හතළිහක් පමණ ප්‍රතිකාර ලබන බවත් දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.