(යොහාන් භාසුර)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පොලිස් මූලස්ථානයට ලැබුණේ යැයි දැනුවත් කර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා අද (12) පැවසීය.

එම නියෝගය ලැබුණු පසු පොලිස්පතිවරයා ඒ සඳහා සුදුසු පියවර ගනු ඇති බව ද තල්දූව මහතා වැඩි දුරටත් කීය.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දුන් තීන්දුවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස නියෝග කර තිබේ.