(යොහාන් භාසුර)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පොලිස් මූලස්ථානයට ලැබුණේ යැයි දැනුවත් කර නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කිරීමට බැදී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා අද (12) පැවසීය.
එම නියෝගය ලැබුණු පසු පොලිස්පතිවරයා ඒ සඳහා සුදුසු පියවර ගනු ඇති බව ද තල්දූව මහතා වැඩි දුරටත් කීය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දුන් තීන්දුවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස නියෝග කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය නියෝග කරනකම් සිටියේ මොකද මොන්ටිසෝරි ලමෙයෙකුට උනත් තේරෙනවා නේද වගකීම පැහැර හැරිය බව. තව උසස්වීම් පවා දීලා රටක විනයක් තියෙන්න ඕනේ නේද
අහෝ! සිරි ලංකා පොලිස් දෙපාර්තමේන්තුව.
මින් මතු හම්බයේ කිසියම් වරදක් කරන්න ලැහැස්තිවෙනකොටම අඬු කඩන්න. පාස්කු ප්‍රහාරයට සම්බන්නද හම්බයෙක් පොලිස් බාරයට ගත් අවස්ථාවේ නම ගිය හම්බ දේශපාලකයෙක් එක්ව බේරාගෙන ගියබව කොමිසමේ කියවුනා ඒවාට ඉඩදීම තමයි ඔබලාට ඔය ගෙවන්න සිද්ද උනේ.
දැන් ඒයාව පොලිස්පති කරයි.
බබා පොලිස්. අපි එයාව උසස් කරමු නේද?
නඩුවක් තියෙද්දී උසස්වීම් දෙන්න පුළුවන්ද? කවුද මේවා කරන්නේ ජනතාවගේ බදු මුදල්වලින් තමයි පොලිසිය යැපෙන්නේත්...!