(ෂේන් සෙනෙවිරත්න)

කුරුණෑගල පොතුහැර ප්‍රෙද්ශයේ ඉදි කරගෙන යනු ලබන ව්‍යාජ දළදා මාලිගාව සම්බන්ධයෙන් ශ්‍රී  දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන  නිලධාරීන් විසින් අද (12) ප්‍රකාශයක්  ලබාගෙන තිබේ .

මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන්ද්රවයන් වහන්සේලා දෙනම සහ දියවඩන නිලමේවරයා විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කරමින් අදාල ව්යාඊජ දළදා මාලිගාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට කළ ඉල්ලීම පදනම් කරගනිමින් එම ප්රබකාශය දියවඩන නිළමේවරයාගෙන් ලබාගෙන තිබේ .

කොළඹ සිට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු විසින් දියවඩන නිළමේවරයාගෙන් ප්ර්කාශයක් සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී මේ සම්බන්ධයෙන් තවත් කීප දෙනෙකුගෙන් ප්රවකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පැවසේ .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දියවඩන නිලමේවරයා ගෙන් ප්ර කාශයක් ලබා ගත් බව දියවඩන නිළමේවරයා ගෙන් කළ විමසීමකදී තහවුරු කළේය .

එම ව්යා ජ දළදා මාලිගා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර ව්යාතජ දළදා මාලිගා සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහා නායක  තිබ්බටුවාවේ ශ්රීජ සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියන් , අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නායක හිමියන් සහ දියවඩන නිළමේ ප්රේදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දෙසැම්බර් මස 31 වැනි දින දී ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබුණි .