(සුමිත් පොතුපිටිය)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වී රෝහල් ගතකර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .

සාකච්ඡාව අතරතුර පපුව අල්ලාගෙන සිටී හිටපු මහ අමාත්‍යවරයාව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ,ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකළ බව රෝහල් ප්‍රකාශයකයා වැඩ්දුරටත් පැවසීය .

ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයන් තෝරාගැනීම සදහා සාකච්ඡාව සිදුව ඇතැයිද සදහන් වේ.

මෙම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වී සිට ඇතැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් පැවසීය .