(සුමිත් පොතුපිටිය)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකට ලක්වී රෝහල් ගතකර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
සාකච්ඡාව අතරතුර පපුව අල්ලාගෙන සිටී හිටපු මහ අමාත්‍යවරයාව පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ,ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් ගිලන් රථයකින් කළුතර ශීක්ෂණ රෝහලට යොමුකළ බව රෝහල් ප්‍රකාශයකයා වැඩ්දුරටත් පැවසීය .
ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සහ අපේක්ෂකයන් තෝරාගැනීම සදහා සාකච්ඡාව සිදුව ඇතැයිද සදහන් වේ.
මෙම සාකච්ඡාවට ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පිරිසක්ද සහභාගි වී සිට ඇතැයි කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයකයෙක් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද චන්දයක් මතක් කලේ?දැන් ඔය චන්ද කතාව නිසා තව කීදෙනෙකුට පපුවේ අමාරු හැදෙයිද කියන්න බැහැනේ ?
එජාපයට වෙච්චි දේ ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයටත් වෙන්න යනවා කියලා තමයි කියන්න වෙන්නෙ.. මොකද ඊයේ නායකයාට බරපතළ වරදක් කලාට ලොකු දඩයක් නියම කලා. ඊයේ රාත්‍රියේ එම පක්ෂයේ ප්‍රභලයෙක් වුනු මොහුටත් රෝගීවීමක් ඇතිවෙලා. කොහොමත් රට හදනවාට වඩා පුද්ගලික අංශය විනාශ කල පක්ෂයක් වෙලා තියෙද්දි බිම් කරුවන් පලවාහැරි අද ගොවීන්ට තැනක් නැහැ කියලා තමයි පෙන්වන්නෙ. පොහොට්ටුවට ජයවේවා