(මනෝප්‍රිය ගුණසේකර)
කූට ලේඛන සකසා වන අලි පැටියෙකු ’අලි පොතේ’ ලියාපදිංචි කිරීමේ චෝදනාවන්ට වනජීවී දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතු`ථ විත්තිකරුවන් වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔවුන් තිදෙනාට වසර 05 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (12) නියම කළේය”
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තෙරව ඔප්පු කොට ඇතැයි තීන්දු කරමින් ඔවුන්ට එලෙස බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා සිරදඬුවමට අමතරව රුපියල් 70000/- බැගින් දඩ මුදල් ගෙවීමටද නියම කළේය.
දඩ මුදල් නොගෙවුවහොත් විත්තිකරුවන්ට වසර 03 බැගින් ලිහිල් සිර දඩුවම් නියම කළ විනිසුරුවරයා එම ලිහිල් සිර දඩුවම බරපතළ සිර සිරදඬුවම් කාලය අවසන් වූ පසු ආරම්භ විය යුතු බවටද නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජය අධ්‍යක්‍ෂක (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි එම දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ අංශය බාරව සිටි ලිපිකාරිණීය වන ප්‍රියන්කා සංජීවනී හා අලියා සන්තකයේ තබා ගත්තේ යැයි කියන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැත්තන්ටය.
2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේදී වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා නොමග යවමින් කූට ලේඛන සකසා වන අලි පැටියෙකු ’අලි පොතේ’ ලියාපදිංචි කිරීම ඇතු`ථ චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
හිටපු වනජීවී ඇමති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.
එම විමර්ශනයෙන් අනතුරුව මෙම විත්තිකරුවන් තිදෙනාට අමතරව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිවද තීපතිවරයා විසින් නඩු පවරනු ලැබු අතර පැමිණීල්ලෙ නඩු විභාගය අවසානයේදී තිළණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය අමතමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් දණ්ඩ නීතී සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති වාචකයක් නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි කළ ඉල්ලලීමක් පිළිගනිමින් මීට පෙර අවස්ථාවක විත්ති වාචක නොකැඳවාම ඔහු නිදොස් කොට නිදහස් කෙරිණී.
තිළිණ ගමගේ මහතා හැර සෙසු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව විභාග කිරීමට තීරණය කරමින් ඔවුන්ගේ විත්ති වාචක කැඳවීමට නියම කළ විනිසුරුවරයා ඔවුන්ගේ විත්ති වාචක කැඳවීමකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
පැමිණීල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රම මහතා ඒ අවස්ථාවේදී අධිකරණය අමතමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වී ඇත්තේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිසා ඔවුන්ට උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය .
ඉදිරිපත් වු කරුණු සළකා බැලමෙන් අනතුරුව විත්තිකරුවන් තිදෙනාට වසර 05 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 70,000/- බැගින් දඩ ගෙවීමටද නියම කළේය.
පැමිණීල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යුහාන් අබේවික්‍රම මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තරීතර අධිකරණය රටේ විනයක් ස්ථාපිත කිරීමට උපරිම දායකත්වයක් ලබාදෙන බව පේනවා...
පෙරහරට ගෙනත් දාලා ගිය අලි පැටව් ගැන මොකද දන්නේ නෑ දැන් වෙන්නේ...?
තිළිණ ගමගේ ගෙදර තිබිලා හොර බඩු (අලිපැටියෙක් ) අහුවෙලත් ඔප්පු කරගන්න බැරි උනේ නඩු කාරයෙක් නිසාද නැත්නම් ලී අලියෙක් උනාද?