(යොහාන් භාසුර)

පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් හෙට (13) දිනයේ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (12) පැවසීය.

ඒ අනුව එම දින තුනේ ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.