බිත්තර වැඩිමිලට ගන්නත් නෑ
වෙළෙඳපොළේ බිත්තර හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කරනු ලැබූ ගැසට් පත්රයට අනුව, සුදු බිත්තරයක් සඳහා රුපියල් 44ක් ද, රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක් ද නියම කර ඇතත් වෙළෙඳ පොළේ බිත්තරයක් රුපියල් 50ත් 55ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු කියති.