සජබ-ශ්‍රිලනිප අවබෝධතා ගිවිසුමකට අත්සන් කරයි ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර පාර්ශවය අතර අවබෝධතා ගිවිසුමකට කොළඹදී අද(7) එළඹිණ. 07 August 2024
මත්කුඩු ඡාවාරම්කාරිය පොලිස් දැලේ මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57 ක මුදල් එම ගිණුම් හරහා සංසරණය කරගත් කාන්තාවක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 07 August 2024
ඡන්ද පැමිණිලි 121ක් ජනාධිපතිවරණයට අදාල මැතිවරණ උල්ලංඝනය කිරීම් සම්බන්ධව පැමිණිලි 121ක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලැබි ඇතැයි එම කොමිෂන් සභාව සදහන් කරයි. 07 August 2024
GMOA - අනුර අතර හමුවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ සවස (06)පැවැත්විණි. 07 August 2024
’’අවාමි ලීගයේ 20ක් මරලා’’ බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී පළා යෑමෙන් පසු ඇය සභාපතීත්වය දැරූ අවාමි ලීගය පක්ෂයේ නායකයන් 20 දෙනකු ඝාතනයට ලක්වී ඇති බවත් ඔවුන්ගේ මළ සිරුරු බංග්ලාදේශය විවිධ ප්‍රදේශවලදී සොයාගෙන ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 August 2024
’’ලාල්කාන්ත අත්අඩංගුවට ගන්න’’ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු අපරාධ නීතිය යටතේ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය 07 August 2024
මොරටුව වෙරළේ මළ සිරුරක් මොරටුව මුරවත්ත ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ නිරුවත් පිරිමි මළ සිරුරක් අද (7) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි 07 August 2024
නුවන් බෝපගේ ඡන්ද ලකුණ ‘කුඩය’ ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක නුවන් බෝපගේ මහතාගේ ඡන්ද ලකුණ ‘කුඩය’ බව එම සන්ධානය නිවේදනය කරයි. 07 August 2024
කෝටි 644ක ව්‍යාපෘති 34ක් කොටඋඩ රුපියල් කෝටි 644 ක වියදමක් දරා වසර පහකට පෙර අාරම්භ කළ ව්‍යාපෘති 34 ක් මග නැවතී අද ඒවා වවුලන් බල්ලන් ලගින තිප්පොළවල් බවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ංජිනේරැ අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය 07 August 2024
පක්ෂය හැර ගිය අයත් මා සමඟ එකතු වෙන්න ජනාධිපතිවරණයට තරග කිරීමට සැලැස්මක් නොතිබුණත් අභියෝගාතාමක අවස්ථාවේ පක්ෂ කළ ඉල්ලීම භාරගත් බවත් පක්ෂය හැර ගිය පිරිසට ද නැවත පක්ෂයකට එක්වන ලෙස ආරාධනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (7) පැවසීය. 07 August 2024
‘‘මට සටනක් නෑ: මා එන්නේ රට වෙනුවෙන්‘‘ මට මේ ජනපතිවරණය සටනක් නොවේ. මා එන්නේ කා එක්කවත් සටන් කරන්න නොවෙයි. මා එන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 07 August 2024
නීති සිසුහු ජනපති හමුවෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි අපේක්ෂක සිසුන් පිරිසක් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය. 07 August 2024
කොළඹට ෆුට්සාල් ක්‍රීඩාංගන දෙකක් වාණිජ මට්ටමින් ෆුට්සාල් ගෘහස්ථ ක්‍රීඩාංගණ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 August 2024
’’ මං දේශපාලනය ඉගෙන ගත්තේ රනිල්ගෙන්’’ තමා දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් යැයිද ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැතැයිද සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 August 2024
ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට ජාතික ප්‍රතිපත්තියක් ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 August 2024
ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට ලංකාවේ මධ්‍යස්ථානයක් සමුද්‍රීය අධ්‍යයනය සඳහා කලාපීය මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 August 2024
ඉන්දුනීසියාව සමඟ වෙළෙඳ ගිවිසුමක් ඉන්දුනිසියා - ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 07 August 2024
නාමල්ගේ නම ස්ථීර කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර නිලවශයෙන් ප්‍රකාශ කළේය. 07 August 2024
ට්‍රම්ප් ඝාතන තැතට සැකපිට පාකිස්තානුවෙක් දැලේ හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනිමේ සිද්ධියට අදාලව සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම සැකකරු පාකිස්තාන ජාතිකයකු බවත් ඇමෙරිකන් මාධ්‍ය පවසයි. 07 August 2024
ප්‍රාදේශීය මාධ්‍යවේදී ගැටලු හොයන්න මාධ්‍ය කොමිසමක් ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටළු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 07 August 2024
අදත් තැනින් තැන වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 August 2024
ක්ලබ් වසන්තට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් අයෙක් මාට්ටු අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් අසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු සහ වෙඩික්කරුවන් පලා ගිය බස් රථය අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 07 August 2024
බංග්ලාදේශයේ අන්තර්වාර අගමැති ධුරයට මුහම්මද් යූනුස් බංග්ලාදේශ අන්තර්වාර රජය මෙහෙයවීමට, අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස නොබෙල් සාමත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මුහම්මද් යූනුස් පත් කරන බව, බංග්ලාදේශ ජනාධිපති මොහොම්මද් ෂහබුදීන් පවසා ඇත. 07 August 2024
කමලා හැරිස් ඇගේ දෙවැනියා තෝරා ගනී ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස්, ඇගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් තෝරා ගත්තාය. ඒ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්රටික් පක්ෂ රැලියේදීය. 07 August 2024
හමාස් සංවිධානයට නව නායකයෙක් ගාසා තීරයේ පලස්තීන හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායකයා ලෙස එම සංවිධානය, යහ්යා සින්වාර් තෝරාගෙන ඇත. 07 August 2024
පොහොට්ටුවෙන් නාමල්? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 06 August 2024
ගම්පහ ද්විත්ව වෙඩි තැබීමක් ගම්පහ තම්මිට ප්‍රදේශයේ දී සහ ජාඇල මාකේවිට ප්‍රදේශවල දී අද රාත්‍රී කාලයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 06 August 2024
කන්නන්ගරේ සංගීත ඒකකයට සිසුවෙක් ගිනි තියලා ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයෙ සංගීත ඒකකය ගිනි තබා වනසා ඇත්තේ එම පාසලේම 8 ශ්‍රේණීයෙ සිසුවකු යැයි සිදු කළ මූලික පරික්ෂණවලින් අනාරණය වූ බව පොලිසිය කියයි. 06 August 2024
මන්ත්‍රීනි කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ අද (06) සඳහන් කළාය. 06 August 2024
ජනපති සටනට එන්නේ නෑ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 06 August 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026