හෙට සිට දින 5ක් බෙංගාල බොක්ක මුහුදේ ගමන් අවදානම් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන් ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 9 වැනිදා දක්වා කාලයේදී ධීවර හා නාවුක කටයුතුවල යෙදීම අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 August 2019
සහරාන්ගේ අනුරාධපුර නියෝජිතයා කල්මුණේදී අසුවෙයි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ අනුරාධපුර නායකයා කල්මුනේ ප්‍රදේශයේ නිවසක සිටියදි රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් සහ අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 04 August 2019
අපි අභිමානය නැති ජාතියක් බවට පත්වෙලා ජනතාව තුළ අතීතයේ තිබු අභිමානය අද වන විට නැතිවී ගොස් ඇතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති සහ සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ පැවැසූහ. 04 August 2019
රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතින් නිර්මාණය කෙරුණු මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණා 01 චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡායාරූප පෙළ මේ වන විට නිකුත් කර තිබේ. 04 August 2019
‘වස්කඩුවේ අනතුර වී ඇත්තේ ලංගම බසයේ රියදුරුගේ වරදින්‘ ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වස්කඩුවේ දී සිදු වු අනතුර ලංගම බස් රථයේ රියදුරුගේ දැඩි නොසැලකිල්ල මත සිදු වී ඇතැයි පරීක්ෂණ වලදී හෙළි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 August 2019
උසස් පෙළ විභාගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1971ක් හෙටින්(05) ඇරඹෙන අ.පො.ස. උසස් පෙළ විභාගය වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් 1971දෙනෙකු යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 04 August 2019
කසළ තේ කිලෝ 18,000ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට මාවනැල්ල රඹුක්කන මාර්ගයේදී කසළ තේ තොගයක් ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(04) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකයා කියයි. 04 August 2019
පාරිභෝගික අධිකාරී පනත සංශෝධනය කිරීමට යයි පාරිභෝගික අධිකාරී පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවැසීය. 04 August 2019
‘ජනපති අපේක්ෂක ධූරය සජිත්ට නොදෙන්නේනම් සහය දීම ගැන තීරණයක් ගන්නවා‘ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය අවධානය යොමුකර තිබේ. 04 August 2019
‘පෙරහර නරඹන්නට පැමිණෙන සැදැහැවතුන් බියක් ඇතිකරගත යුතු නැහැ‘ ඇසළ පෙරහර නැරඹීම සදහා පැමිණෙන සැදැහැවතුන් කිසිදු සැකයක් බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි. 04 August 2019
බන්ධනාගාර ජේලර්ගේ ඝාතනය පාතාලයට සම්බන්ධ දැයි විමර්ශන වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇතිවු මත ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලිසිය පවසයි. 04 August 2019
මුද්දර සඳහා පෞද්ගලික ඡායාරූප ඇතුළු කිරීමට අවස්ථාවක් තැපෑල සිය ප්‍රවර්ධන වැඩසටහන් අතරට මුද්දර සඳහා සිය පෞද්ගලික ඡායාරූප ඇතුළත් කිරීමට අවස්ථාවක් පාරිභෝගිකයින්ට ලබා දී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි. 04 August 2019
දළදා පෙරහරට අලි ඇතුන් 75 ක් හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් පවතින බැවින් දැනට සිටින අලි ඇතුන්ගෙන් පමණක් පෙරහර පැවැත්වීමට සිදුවන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. 04 August 2019
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ වෙඩිතැබීමක් : 10ක් මරුට - 16කට තුවාල ඇමෙරිකාවේ ඩේටන් නගරයේ, ඔහියෝ ප්‍රාන්තයේ, ඔරිගන් දිස්ත්‍රික්කයේ පුද්ගලයකු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දසදෙනෙකු මිය ගොස් 16දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 August 2019
‘පාලකයන් තවමත් ජනතාවගේ බිය සංකා නැතිකර නැහැ’ පාලකයින් තවමත් ජනතාවගේ බිය සංකා නැති කිරීමට කටයුතු කර නැතැයි හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ අද(04) පැවැසූහ. රදගුරු හිමිපාණන් මේ බව පවසා සිටියේ තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 257 වන, අගෝස්තු මංගල්‍යයට එක්වූ බැතිමතුන් අමතමිනි. 04 August 2019
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම කල්යයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඇරඹීමට නියමිත ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවීම දින කිහිපයකින් කල් දැමීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ තීරණය කළහ. 04 August 2019
මැතිවරණ කොමිෂන් සභාවට අලුත් වාහන 15 ක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණවල කටයුතු වෙනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත අලූතෙන් වාහන 15ක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. 04 August 2019
‘ගම්මිරිස් මිල ඉහළ නොදැම්මොත් සියලු ගොවීන් වීදි බසිනවා’ ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් සියලු ගම්මිරිස් ගොවීන් ඒකාබද්ධව කොළඹ නගරයේදී දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුව අද (04) බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 04 August 2019
තංගල්ල ජාතික පාසලේ සිසුහු අඳුරේම ශිෂ්‍යත්වය ලියති තංගල්ල පිරිමි ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අද මුහුණදුන් දරුවන්ට අඳුරේම විභාගයට මුහුණ දීමට සිදුවූ බවට මවුපියෝ චෝදනා කරති. 04 August 2019
දකුණු පළාත් ආණ්ඩුකාර ඉල්ලා අස්වෙයි දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි. 04 August 2019
සහරාන්ගෙන් පුහුණුව ලැබූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට සහරාන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වා ඇති කඳවුරුවලට සහභාගි වු ජමාතේ මිලල්තේ ඉබ්රාහිම් සංවිධානයේ දෙදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරින් සහ අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 August 2019
බස් අනතුරින් 6 ක් මරුට:50 ක් රෝහලේ කළුතර වස්කඩුවේදී ලංගම බසයක් සහ පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 6 දෙනකු මිය ගොස් තවත් පනස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 04 August 2019
වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කරයි වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අද (03) සවස 6ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබේ. 03 August 2019
පොදු පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය රත්වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හොරණ ආසන බල මණ්ඩලය අද (03) පැවැති අවස්ථාවේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා විසින් එම බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යෝජනා කිරීමත් සමග දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 03 August 2019
සෞදි කාන්තාවන්ගේ සීමා හා තහංචි රැසක් ඉවත් කරයි සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා හා තහංචි රැසක් රාජකීය නියෝගයක් මගින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. 03 August 2019
ආණ්ඩුකාරවරයා මාරු කරන්න එපා’යි මුතුහෙට්ටිගම ඉල්ලයි ‘දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳුදා ඉඳලා අපට නැහැ. එතුමා මාරුකරන්න එපා කියා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලිමක් කළා..‘ යැයි ගාල්ල දිස්ත්‍රික් එ.ජ.නි. සංධානයේ මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. 03 August 2019
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ඉල්ලා අස්වෙයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දුන්නේය. 03 August 2019
කොටි හිතවාදී නඩරාජා අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ සංවිධනයේ වෙබ් අඩෙවියක නිර්මාතෘවරයෙකු මෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ප්‍රබල කොටි හිතවාදියෙකු වශයෙන් හදුනාගෙන ඇති නඩරාජා සේදුරූපන් නැමැත්තා යාපනය නෙල්ලිඅඩි පොලිසිය විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබේ. 03 August 2019
නීතිවිරෝධීව රන් මාල ගෙන ආ 9ක් අල්ලයි රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් පමණ වටිනා රත්තරන් මාල තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 9දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 August 2019
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර්රථ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක්, අද (03) වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගල්තලාවක වැදී අනතුරට පත්වී තිබිණ. 03 August 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026