(ඩයනා උදයංගනී)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණවල කටයුතු වෙනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත අලූතෙන් වාහන 15ක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
 
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් කැබ් රථ 14ක් හා වෑන් රථයක් මිල දී ගැනීමට නියමිතය.
 
මේ සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ.
 
මෙම වසරේදී මෙන්ම ලබන වසරේදීත් ජාතික මැතිවරණ කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් එම මැතිවරණ කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායීව ඉටුකරලීම සදහා එම කොමිෂන් සභාව වෙත මෙම වාහන ලබාදීමට පියවර ගෙන ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවේ දැක්වේ.