(ඩී.කේ.රත්න)
ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් සියලු ගම්මිරිස් ගොවීන් ඒකාබද්ධව කොළඹ නගරයේදී දැවන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුව අද (04) බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කයේ 20,000ක පමණ ගොවි පවුල් සංඛ්‍යාවක් ගම්මිරිස් වගාවේ නියුතුව සිටින බවද, ගම්මිරිස් මිල පහතවැටීම හේතවෙන් වසර දෙකකට පමණ පෙර නෙළන ලද ගම්මිරිස් අස්වනුද අලෙවි කර ගැනීමට නොහැකිව තම නිවෙස්වලම පවතින බවද, මෙම වර්ෂයේද මේ වන විට ගම්මිරිස් අස්වනු නෙළීම ආරම්භ කර ඇතැයිද, ගම්මිරිස් අස්වනු අලවි කර ගැනීමට නොහැකිව ගොවීන් දැඩි සේ අසරණ වී ඇතැයිද බදුල්ල දිස්ත්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුවේ කැඳවුම්කරු ඉසුරුජීව බණ්ඩාර මහතා පැවසීය.
මෙයට වසර තුනකට පමණ පෙර වියළි ගම්මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1300ක පමණ ස්ථාවර මිලකට පැවති නමුත් මේ වනවිට වියළි ගම්මිරිස් කිලෝවක තොග මිල රුපියල් 350 ක පමණ මුදලකට පහත වැටී ඇති බවත්, තම දරුපවුල් නඩත්තු කිරීම තබා වියදමවත් සොයා ගැනීමට නොහැකි බැවින් ගම්මිරිස් සඳහා රුපියල් 1200ක ස්ථාවර මිලක් ලබා දෙන ලෙසත්, එසේ නොවන්නේ නම් සියලූ ගම්මිරිස් ගොවීන් ඒකාබද්ධව කොළඹ නගරයේදී දැවන්ත උද්ඝෝෂණයක් කරන බවත් ඉසුරුජීව බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුවේ ලේකම් එච්.එම්.ආරියවංශ, සභාපති ආර්. එම්. ජයරත්න යන මහත්වරුද මීට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හැම දෙයක්ම විරෝධතාවලින්, කචල්වලින් කරගන්න යන්නේ... ගම්මිරිස් මිල ලෝකයේ හැම තැනකම වාගේ සියයට 60-65 වගේ අඩු වෙලා තියෙන්නේ, ඒකට වීදි බැසලා වැඩක් වෙන්නේ නැහැ.
ගම්මිරිස් ව්‍යාපාරය වැනසුවේ අම්පාරේ තක්කඩි දේශපාලකයෙක්. වැඩේ කියන්නේ පළමු පාර පාර්ලිමේන්තු ගිහින් මිනිහා කෙලින්ම ඇමැති නෝනා, නියෝජ්‍ය ඇමති. මෙවැනි රටට ආදරය නැති තක්කඩින් එල්ලන්න ඕනෑ.
එට්කා ගිවිසුම යටතේ ඉන්දියාවට බදු නිදහස්ව ගම්මිරිස් ටොන් 2500ක් යවන්න ඉන්දියාව ඉඩ දුන්නාම, එම ගම්මිරිස් මෙරට ගොවීන්ගෙන් මිලටගෙන ඉන්දියාවට යවනවා වෙනුවට, ජාවාරම්කාරයින්ට වියට්නාමෙන් ගම්මිරිස් ගෙන්වා මෙරට ගම්මිරිස් ලෙස හොර ලේබල් ගසා නැවත ඉන්දියාවට යවන්න බලපත්‍ර දුන් දේශපාලනඥයාගේ කාර්යාලය ඉදිරිපිටත් මේ හොර ගම්මිරිස් සෙල්ලම ගැන දන්නෙ නෑ වගේ... ඉන්න නායක දේශපාලනඥයින්ගේ කාර්යාල ඉදිරිපිටත් උද්ඝෝෂණය කළ යුතුයි.
උද්ඝෝෂණ කළාට ආණ්ඩුව කොහොමද රුපියල් 350ට තිබෙන ගම්මිරිස් මිල කෘතිමව රුපියල් 1200 දක්වා ඉහළ දමන්නේ? ගම්මිරිස් කියන්නේ ගෙවත්තේ සුළුවෙන් වගාකළ හැකි දෙයක්.., මිනිස්සු ගම්මිරිස් නැත්නම් මිරිස් භාවිතා කරාවි... අනිත් එක ගම්මිරිස් යනු සහල් වැනි මහා පරිමාණයෙන් අත්‍යාවශ්‍ය දෙයකුත් නොවේ.. යුරෝපයේ ගම්මිරිස් වැවෙන්නේ නැත. නමුත් යුරෝපයේත් උසස් තත්වයෙන් යුතු සුදු හෝ රතු ගම්මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1000-3000 අතර මිලකට ගන්න පුළුවන්... ඕනෑම දෙයකට සැපයුමේ හැටියට ඉල්ලුමක් නැත්නම් මිල අඩුවෙනවා.
මේ ආණ්ඩුවේ අය තමයි වියට්නාමයේ ගම්මිරිස් ආනයනය කරලා ප්‍රතිඅපනයනය කරන්නේ. ජනාධිපතිතුමාම කිව්වනේ එකපාරක් මම ඒක නවත්තනවා කියලත්. රට දියුණු කරනවා කියලා බොරු පම්පෝරි ඕනෑ නෑ. මිනිස්සුන්ට ගොවිවිශ්රාම වැටුප් ඕනෑ නෑ. සමෘද්ධිය ඕනෑ නෑ. මිනිස්සුන්ට හම්බ කරගෙන කන්න පුළුවන්කම තියෙනවා. ඩොලර් එක රුපියල් 130ට තියෙද්දී ගම්මිරිස් කිලෝව රුපියල් 1800ට විකුණලා තියෙනවා. දැන් ඩොලර් එක 180ට ගියහම හරි නම් ගම්මිරිස් කිලෝව රුපියල් 2500ට විතර දෙන්න ඕනෑ. මේ කියන්නේ දේශපාලන කතාවක් නෙවෙයි. යහපාලනේ අවට පස්සේ සේරම කෙළවුණේ...
ඔලුවෙන් හිටගෙන උද්ඝෝෂණ කළත් රුපියල් 350-400 ගමේ ගොඩේ වැවෙන පහසුවෙන් මිලදී ගතහැකි දෙයක්.., රුපියල් 1200ට මිලදී ගන්නේ කවුද? ලංකාව කියන්නේ විවෘත ආර්ථිකයක් තිබෙන රටක් එහෙම වුණාම ආණ්ඩුවට ඕනේ විදිහට භාණ්ඩවල මිල පාලනය කරන්න අපහසුයි. සමාජවාදී රටක වුණත් රජයට පුළුවන්ද? රටේ වැවෙන කුළුබඩුවක මිල මේ ඉල්ලන විදිහට 4ගුණයකින් වැඩි කරන්න. යම් භාණ්ඩයක් මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත, ඉල්ලුමක් නැතිනම් සැපයුම වැඩිනම් මිල අඩුවෙනවා. හොඳම උදාහරණය මාලු සමහර දිනවල මාලු කිලෝ එක රුපියල් 1500ක් විතර වෙනවා. නමුත් සමහර කාලවල මාලු කිලෝ එක රුපියල් 250ක් වෙනවා.
ජර්මනියේ ගම්මිරිස් මිල රුපියල් 1200. ලංකාවට වඩා හොඳ ඉතින් ගම්මිරිස්... මෙහෙට එන්නේ අඩු මිලට...
ගම්මිරිස් හොයාගෙන ලංකාවට ආපු හම්බයෝ ගම්මිරිස් වෙළඳාම කෑවා...
සමීර මහත්මයා... මෙතන තිබෙන්නේ ඩොලර් එකේ මිල සම්බන්ධ ප්‍රශ්නයක්වත්, ආණ්ඩුවේ ප්‍රශ්නයක්වත් නොවේ. පසුගිය කාලේ ගම්මිරිස් මිල රුපියල් 1000ට වැඩියෙන් ඉහළ ගියනිසා ලංකාවේ ගොවීන් වැඩි දෙනෙක් විශාල ලාභ ලබාගැනීමේ අරමුණින් විශාල ලෙස මුදල් ආයෝජනය කර මහා පරිමාණයෙන් ගම්මිරිස් වගකරලා.. දැන් එම වගාවල අස්වැන්න ලැබෙනවා. දැන් සැපයුම වැඩියි. ඉල්ලුමක් නැත. මිල පහළ වැටිලා.
ඔය කියන විදිහට තත්වයෙන් බාල ගම්මිරිස් පිටරටින් ගෙන්වලා ප්‍රතිඅපනයනය කළ නිසා අපේ ගම්මිරිස් මිල පහත වැටුණා කියන තර්කය පිළිගන්න අපහසුයි. එ්කට හේතුව පිටරටවල මහපරිමාණයෙන් තොග වෙළඳාම් කරන වෙළෙන්දෝ තමන් මිලදී ගන්න ගම්මිරිස් වල ප්‍රමිතිය අනිවාර්යයෙන්ම පරික්ෂා කරනවා. තත්වයෙන් බාල නම් රිජෙක්ට් කරනවා. වියට්නාමය වැනි කලාපයේ රටවල මහා පරිමාණයෙන්, ක්‍රමවත්ව ගම්මිරිස් වගාව කරන නිසා ඔවුන් අපට වැඩිය අඩුමිලකට හොඳ තත්වයේ ගම්මිරිස් නිෂ්පාදනය කරන එක වෙන්න පුළුවන්...
ඕකට යන්න ඕනේ අර ප්‍රති අපනයනය නමින් කසල ගම්මිරිස් ලංකාවේ ඒවා බව පෙන්වා විකුණා කෝටිපති වුණු ඊබ්‍රහීම් ගාවටයි, එ්ත් එයා තාම ඇතුලේ නිසා එයාගේ බාරකාරයා අර රතු සහෝදරයා මෙව්වා දන්නෙම නෑ වගේ ඉන්න කෙනාගෙන් තමයි විසඳුම අහන්න ඕනේ. අර රැවුල වවාගෙන ඉන්න රතු සහෝදරයා මෙදා පාර නැහැ වගේ පේන්නේ. ලැජ්ජාවක් තියේනම් ඇඳුමක් ඇඳන් එන්න පුලුවන්ද දැන්. කතාව නම් උනුත් එකයි මුනුත් එකයි... සහෝදර කමයි හැබැයි කෙලින්නෙම පිස්සු... අද ගොවීන් මෙහෙම අසරණ කරලා දේශපාලන වාසි ගන්නවා.