(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හොරණ ආසන බල මණ්ඩලය අද (03) පැවැති අවස්ථාවේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා විසින් එම බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යෝජනා කිරීමත් සමග දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාවට අනුව ආසන බල මණ්ඩලයේ සභාපතිවරයා නිල බලයෙන් ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා බවට පත් වෙන බැවින් විදුර වික්‍රමනායක මහතාගේ එම යෝජනාව සම්බන්ධයෙන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් සිය විරෝධතාවය පල කරන ලදී.
හොරණ මහරගම පාරේ උත්සව ශාලාවකදී මෙම ආසන බල මණ්ඩලය පැවැත්විණි.
අදාල බල මන්ඩල රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ සිටම ජනතාව අතර සිටි මන්ත්‍රිවරයා ප්‍රථමයෙන්ම ආසන බල මණ්ඩලය අමතා එහි නිලධාරී මණ්ඩලය පත් කර ගන්නා ලෙස දැනුම් දෙන ලදී. එහිදී නව ආසන බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක රණතුංග මහතා යෝජනා කරන බව විදුර වික්‍රමනායක මහතා පැවසූ අතර එම යෝජනාව සභ සම්මත විය.
පසුව නැවතත් ක්‍රියාකාරීන් ඇමතූ මන්ත්‍රිවරයා විසින් ආසන බල මණ්ඩල සභාපතිවරයා නිල බලයෙන් ආසනයේ සංවිධායකවරයා ද වන බැවින් ඔහුට සුබ පතන බව පවසමින් වේදිකාවෙන් බැස යාමත් සමග එම ස්ථානයට සහභාගී වී සිටි පලාත් පාලන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් ප්‍රධාන සංවිධායකවරයා ලෙස විදුර වික්‍රමනායක මහතා පත් විය යුතු බව පවසමින් ඝෝෂා කරන්නට විය.
ඒ අනුව නැවතත් සභාව ඇමතූ විදුර වික්‍රමනායක මහතා පැවසූවේ අශ්වයා නාවන්නට ගඟ ළඟට ඇදගෙන ගිය හැකි මුත් ජලය පොවන්නට ඔබලාට නොහැකි බැවින් මේ අවස්ථාවේ තමන්ට එම ධූරය භාර ගත නොහැකි බැවින් අදාල තීරණයට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ඒ අනුව පිරිස විසිර යාමට කටයුතු සිදු විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූ.ඇන්.පී එකේ විස්තර ඔයාලා කිව්වේ නෑනේ... පොහොට්ටුවට නම් අල්ලනවා නේ...
කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ නිසා ජනප්‍රිය පුද්ගලයා සභාපතිකමට තෝරාගත්තාද කියා දැනගන්න බැහැ නේද?
අනේ අම්මේ මෙහෙමත් හරක් ඉන්න රටක්....
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි වගේ කෙනෙක් හොරණට ඕනෑ.
පොදු පෙරමුණ මේ රත්වෙන්න පටන් ගත්තා විතරයි. හොඳ හොඳ සෙල්ලම් තව පස්සේ බලමු...
රත් වෙනවා කියන්නෙ ඕකටද?
මේ පාක්ෂිකයින්ගේ තීරණයක් නෙවෙයි. විදුරගේ තනි තීරණයක් වගේ. ඔහු වැට උඩ ඉඳලා පොහොට්ටුවට ආවේ. ඒ නිසා පාක්ෂිකයෝ හොඳට හිතන්න. හොරණින් පොහොට්ටුව හලන ගේමක් වෙන්න පුළුවනි...
මලත් අපි මහින්දට, මහින්ද කියන ඕනෑ දේකට අපි ඔට්ටුයි... අවසාන තීරණය තියෙන්නේ මහින්දගේ අතේ කියන පුදුමාකාර අන්ධ මතයක් දරන පිරිසක් වෙනස් කරන්න බැහැ මහත්තයා... ඔයාට තියෙන්නේ ගෙදරට වෙලා මොනවාහරි වෙන දෙයක් බලාගන්න.
මේ රට හදාගෙන ආවා. එ්ක කෑවා.. මේ කාලකන්නි ආණ්ඩුව ගෙදර යවා ඉක්මණටම මේ රට දියුණු කළ මහින්ද රාජපක්ෂ අගමැති විය යුතුමයි.
දැන් ආසන සංවිධායක ධුරය ගත්තොත් මන්ත්‍රී ධුරය ඉබේම නැතිවෙනවා.
රනිල් වගේ එක්කෙනෙක් තමයි හොරණට හරියන්නේ.
තැටිය රත්වෙලා නම් රොටිය ඉක්මණින් පුච්චගන්න. නැත්තම් යූ.එන්.පී. යෙන් ඇවිත් රොටිය පුච්චා ගනීවි...
විදුර, ඔබ කළුතර දිස්ත්‍රික්කයෙන් නාගානන්ද දිනවන්න සහාය වෙන්න. කවදා හෝ ලංකාව දිනවන්න තියන එකම වැඩපිළිවෙල නාගානන්ද මහතා සහ ඔහු සමග සිටින පිරිස කරන විප්ලවයයි. ජයවේවා...!!!
මේ රණ්ඩු වෙන්නේ අහිංසක ජනතාව වෙනුවෙන්නේ කියලා හිතනකොට වාවන්නේ නැහැ.
මෙතුමා මගහරිනවා වගේ පොහොට්ටුවට කරගහන එක. මෙතුමා හොඳ කෙනෙක්. අදහස් හිතට එකඟව කියනවා. මෙතුමා පොහොට්ටු පක්ෂයයට ගැලපෙන්නේ නැහැ. මෙතුමාට පුළුවන්ද රෝහිත අබේගුණවර්ධන එක්ක්..., ගෝඨා එක්ක එකට හිටගන්න..
මෙතුමා මගහරිනවා වගේ පොහොට්ටුවට කරගහන එක. මෙතුමා හොඳ කෙනෙක්... අදහස් හිතට එකඟව කියනවා. මෙතුමා පොහොට්ටු පක්ෂයට ගැලපෙන්නේ නැහැ. මෙතුමට පුළුවන්ද රෝහිත අබේගුණවර්ධන එක්ක.., ගෝඨා එක්ක එකට හිටගන්න.
අප්පිරියයි.. අවුරුදු 70ක් මේ විගඩම් දැකලා. අපි නට්ටන් වුණා 225ක් හැදුණා. දැන් ඇති අපි කස්ටිය හොඳට අඳුනනවා.
විදුරගේ පියා චන්ද්‍රිකා මැඩම්ගේ බලකණුවක්. මේගොල්ලන් පොහොට්ටුවට හිත වෙන්න බැහැ. පවුලේ සටන් පාඨය සංහිඳියාව.