(එෆ්.අස්ලම්)
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම පිළිබදව සෙසු ප්‍රධාන පක්ෂ සමග සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය අවධානය යොමුකර තිබේ.
ඉදිරි ජනපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා තරග වදින්නේ නම් සිය උපරිම සහාය ලබාදීමටද මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙන බව එම කොංග්‍රසයේ දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගත නොහැකි තත්වයකට පත්වීමත් පසුගිය කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවන්ට යුක්තිය ඉටු නොවීමත් දේශපාලන ස්ථාවරයේ පවතින ගැටළුකාරී තත්වයත් මත ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් බහුතරයක් දෙනෙකු අතරේ රනිල් වික්‍රමසිංහ කෙරෙහි දැඩි අප්‍රසාදයක් පවතින බව එම කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට සදහන් කළහ.
මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කරමින් මෙම ස්ථාවරයට පැමිණි බවත් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වශයෙන්ශ්රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ එකම ස්ථාවරය සජිත් ප්‍රේමදාස පමණක් බවත් එම ප්‍රකාශකයා කීය.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොපිළිගන්නා නායකයෙකුට ලබා දෙන්නේ නම් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සහ විපක්ෂ බලවේග හා සාකච්ඡා කිරීම කෙරෙහිද දැඩි අවධානයක් යොමුව ඇතැයිද පැවසීය.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ අතරේ ඇතිකරගැනීමට නියමිත අවබෝධතා ගිවිසුම පිළිබදවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කතා. තොප්පිය ඕනෑ පැත්තකට නවනු ඇත.
ලංකාවේ පක්ෂවලින් ආගමට, ජාතියට සම්බන්ධ නම් නැතිවුණොත් හොඳයි. අඩුමගානේ මේ ලාංඡන වල ලාංකික ගතියක් නැහැ...
අපිට අපේ වැඩවලට සජිත් ගොඩක් උදව් කරනවා. සජිත් අාවොත් අපේ ඉදිරි වැඩවලට ගොඩක් නිදහසක් දෙයි.
හැම ජාතියකම, ආගමකම කැමැත්ත ඇති එකම පුද්ගලයා .. නියම ශ්‍රී ලාංකිකයා.. හැමෝම පිළිගත් නායකයෙක්. සිංහල, දෙමල, මුස්ලිම්.. එකම නායකයා.
ඔව් ඔව් ඉතින් ප්‍රේමදාස මැද කොළඹ අයගේ ඡන්ද ගොඩ බලාගෙන ආසන ප්‍රතිශතය ඉතාම කෙටි කාලෙකදී වෙනස් කරලා හිවලුන්ට ඕනෑ විදියට නටන්න දීලා මුළු ලංකාවටම දුන්නු හෙනගෙඩිය අපට මතකයි.. අපි කිසිවෙකු මැරිලා ඉපදිලා නැහැ.. සජිත් ගොයියාටත් මේ කියන්නේ රටේ ආරක්ෂාව, ජාතකේ පාවාදීලා තාත්තා ඔටුන්න නම් ගත්තා. එ්ත් ලංකා මාතාව පාවාදුන්නු එකෙකුටවත් හොඳින් ඉන්න පුළුවන් වුණාද කියන එක අතීතය කියාදී තියෙනවා. ඉතින් ස්වභාවධර්මය දුන්නු පිළිතුර මතකයිනේ.. සජිත් ගොයියාට ඒක පාඩමක් නොවේ නම් අහිංසක ලක්මවගේ දරුවන්ට ඒ ගැන කියන්න දෙයක් නැහැ. හැබැයි අනුන්ගේ අත්දැකීම් තමන්ගේ ජීවිතේ හරිගස්ස ගන්න හොඳ අවස්ථාවක්.. තාත්තගේ අත්දැකීම පුතා ගත්තොත් හොඳා සජිත් ගොයියෝ...
එජාපෙ ඉන්න අපේක්ෂකයන් අතරෙන් ජනප්‍රියම පුද්ගලයා සජිත්... (මම කියන්නේ සජිත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය දිනනවා කියන එක නොවේ) රනිල් ඉල්ලුවොත් ඡන්ද ලක්ෂ 20ක් වත් ගන්න බැරිවෙනවා.
දේශපාලකයෝ අවස්ථාවාදියෝය. දේශපාලකයා = ත්රස්තවාදියා. දෙදෙනාම අවස්ථාවාදීහු වෙති.
එජාපයට හැමදාම අනුන්ගේ පහනෙන් එළිය බලන්න බැහැ. වෙන විකල්පයක් නැහැ. සජිත්ට අවස්ථාව දිය යුතු වෙනවා. ඔහු පැරදුනොත් ලබනපාර වෙන කෙනක් ඉදිරිපත් කරන්න. රනිල් හැමදාම කරන නූල් සූත්තර දැන් එජාප ඡන්ද දායකයන්ට එපා වෙලා. නමුත් මහින්ද මහත්මයාගේ සෙට් එක පොහොට්ටුවෙන් එන මනුස්සයට කතිරේ ගහනවා.. ඔහොම ගියොත් රනිල්ට ලබනපාර පාර්ලිමේන්තු අසුනත් පැරදිලා විපක්ෂ නායක කමත් අහිමිවෙන්න පුළුවන්....
අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා 2020 ජනාධිපති වෙලා තමා නවතින්නේ...
චමින්ද මහත්මයා ලංකාවේ බුද්ධිමතුන් කොපමණ ඉන්නවද කියන්න මම දන්නේ නැහැ... නමුත් ලංකාවේ කොහේ ගියත් ඉන්න මනුෂ්‍යයින්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් රනිල්ට අකමැති බව අනිවාර්යයෙන්ම ඔවුන් සමග කතාබහ කරනකොට තේරෙනවා. එජාපෙ ඉන්න චරිතවලින් මාර්කට් කරන්න අපහසුම චරිතයක්... රනිල් කියන්නේ, කොපමණ බුද්ධිමත් වුණත්, රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න අඳුරගන්න බැරිනම්, තැනට සුදුසු ලෙස සිංහලෙන් ජනතාවගේ හදවතට වදින ලෙස අවශ්‍ය දෙය කියන්න බැරිනම්, කෙලින් තීරණ ගෙන ක්‍රියාත්මක කරන්න බැරිනම් කුමක් කරන්නද?
මේ පවතින ක්‍රමය තුළ හැමදාම ජයග්‍රාහී පිරිස වන්නේ කුඩා පක්ෂය. ඉදිරි මැතිවරණයකදී සුලු පක්ෂ අඩු පැත්ත දිනවිය යුතුයි. ඉන්පසු ඔවුන් ලවා ආසන ක්‍රමය හෝ දිනන කණ්ඩායමට බෝනස් සීට් 20ක් විතර එකතුවෙන ක්‍රමයක් හැදිය යුතුයි. නැත්තම් ඉතින් කවුරු දින්නත් කුඩා පක්ෂවල පදයට නටන්න වෙනවා නියතයි.
මෙයා මේ ගොල්ලව මහා ජාතිය කරලා දෙයි. එ්කනේ කිව්වේ මුකුත් කතාකරන්න එපා.. අරාබියෙන් සම්බාධක දේවි කියලා රවටන්න හැදුවේ ඔන්න මෙයාගේ ජාත්‍යන්තර දැනුම රට කරයි...
වෙන මිනී මරුවෙකුට ජාතක වෙච්ච කෙනෙක් නැද්ද?
බොහොම හොද පුවතක්. දැන් ඡන්දෙ තියන්න කලින්ම මෙයාල කියන හැටියට නටන්න ඕනේ. සිංහලයන්ගේ මෝඩ වැඩ නිසා ඉදිරියේදී ඡන්දයක් කියන එක ඕනේ නැති වෙනවා. කලින්ම මෙයාල සහයෝගේ දෙන කෙනා අහල ජනාදිපති කලා නම් හරි. මොකද මෙයාලගේ සහයෝගේ නැතිව කාටවත් ජනාධිපති වෙන්න බැහැ.
සජිත් ව නැතුව වෙන කෙනෙක් දැම්මොත් එජාපෙට ඇප ත් නැති වෙන්න පුළුවන්. නමුත් පොදුවේ එජාපෙ ගැන තියෙන අප්‍රසන්න පිළිගනිම නිසා සජිත් ට ජනාධිපති වෙන්න ලැබෙන එක සහතිකයක් නැති තත්වයක් . ඉන්දියාවේ මෝදී උගත් කමක් නැතිව හෝ ඇතිව හෝ රටේ නායකයා වුනේ මුස්ලිම් ඡන්ද වලින් නෙමෙයි . මෙවර ඔහුගේ ඇමති මණ්ඩලයේ මුස්ලිම් නියෝජනයක් නැති බව අහන්න ලැබුනා . ඔහු ව ආදර්ශයට ගන්නවා නම් උගත් කම විතරක් නෙමේ ඔහුගේ දේශපාලන දැක්මත් සොයා බලන්න . ඒ සියල්ලටම හේතුව වෙනත් බොහෝ රටවල වගේම ඉන්දියාවේ ත් දේශපාලන ප්‍රතිපත්ති කියලා දෙයක් තියෙනවා. අධ්‍යාපන , ආර්ථික , විදේශ , ආරක්ෂක ඔය හැම ප්‍රතිපත්තියක් ම එන එන ආණ්ඩුවට ඕන තාලෙට සුද්ද වෙන්නේ නැතුව (සංශෝධන සිදු වුනත් රට ට හානි දායක නොවන පරිදි ) පවත්වාගෙන යනවා. අපි හිතන්න ඕන මේවා ගැන. මේ දේවල් වලදී තමන්ගේ වාසියට බඩ ගොස්තරවාදීව රටත් ජාතියත් පාවල දෙන කෙනෙක් නායකයෙක් වෙන්නේ කොහොමද ?? මම නම් සජිත් ට ඡන්දය දෙන්නේ නැත. මේ මගේ මතය පමණි.
මොකද සජිත් පොරොන්දු වුණාද රට හම්බකරණය කරනවා කියලා. එයා කපා ගන්නවා කීවාද?
සජිත් සජිත් මෙයාට ජනාධිපති වෙන්න තිබෙන සුදුසුකම කිසිවෙක් කියන්නේ නැහැ. කියන්නකෝ මොහු රට මෙහෙම දේවල් කරලා තිබෙනවා කියලා.
දැන් බලමු මේ අය එක්ක කව්ද සෙට්වෙන්නේ කියලා... එතකොට බලාගන්න පුළුවන් නියම සිංහල අය කව්ද කියලත්...
මේ පැත්ත පරදින බව දන්න නිසා, දැන් විලිලැජ්ජා නැතුව නැවතත් අනිත් පැත්තට පනින්න හේතු හොයනවා. කතෝලික අයට වෙච්ච අපරාධ වලට යුක්තිය ඉටුවුනාද?