ඇමෙරිකාවේ ඩේටන් නගරයේ, ඔහියෝ ප්‍රාන්තයේ, ඔරිගන් දිස්ත්‍රික්කයේ පුද්ගලයකු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දසදෙනෙකු මිය ගොස් 16දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම ඝාතන සිදුකළ පුද්ගලයා ද පොලිසිය කළ වෙඩිතැබීමෙන් මිය ගොස් ඇති අතර, ඒ අනුව වෙඩි තැබූ පුද්ගලයා ඇතුළු පුද්ගලයන් නමදෙනෙකු මිය ගොස් තිබේ.
ඔරිගන්හි නෙඩ් පෙපර්ස් නම් මත්පැන් අවන්හල අසළදී අද උදෑසන 1.00ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇත.
වෙඩික්කරු රයිෆල් වර්ගයේ ගිනි අවියකින් වෙඩිතබා ඇතැයිද, ඔහු කේවලව ක්‍රියාත්මක වී ඇති බවද ඩේටන් පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් ප්‍රධානී මැට් කාපර් මහතා පවසයි.
ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන් වෙඩිතැබීම සිදුවූ ප්‍රදේශයට ක්ෂණිකව ගොස් එහි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි. සිද්ධිය සැලවූ වහාම පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ක්ෂණිකව ක්‍රියාකිරීම හේතුවෙන් මෙම සිද්ධිය මැඩපැවැත්විය හැකි වූ බව ඩේටන් පොලිසිය පවසයි.
තුවාලකරුවන් ඒ අසළ වූ රෝහල් කරා ගෙනයාමට එම නිලධාරීන් කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන ආරක්ෂක අංශ පැවසුවේ මෙම ප්‍රහාරයේ අරමුණ පැහැදිලි නොවුණ බවය.
ඔවුන් මෙතෙක් මිය ගිය වෙඩික්කරුගේ අනන්‍යතාව මාධ්‍යයට හෙළිකර නැත.
ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටී.
ඇමෙරිකාවේ ටෙක්සාස්හි පුද්ගලයන් 20දෙනෙකුට මරු කැදවමින් කළ වෙඩිතැබීමකින් පැය කිහිපයකට පසු ඔහියෝ ප්‍රාන්තයේ මෙම වෙඩිතැබීම වාර්තා වී තිබිණි.
(බීබීසී සහ රොයිටර් ඇසුරිනි)
16844
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසක මැරුණු මිනිස්සු... ට්‍රම්ප්ගේ ජාතිවාදී ප්‍රකාශ නිසා මෙක්සිකෝවේ සරණාගතයින්ට සුදු ජාතික අන්තවාදීන් විසින් ප්‍රහාර එල්ලකිරීම තරයේ හෙළා දකිනවා. බලන් ගියාම ඔය කියන සුදු මිනිස්සු ඇමරිකාවට ආවේ එංගලන්තයේ ඉඳලා. මුලින්ම ඇමරිකාවේ වාසය කරපු රතු ඉන්දියානුවන්ව විනාශ කරලා දැම්මා. දැන් වෙන රටකින් එන මෙක්සිකෝවෙන් එන මිනිස්සුන්ට මේ සුදු මිනිස්සු කියන්නේ සරණාගතයන් කියලා. එතකොට එංගලන්තේ ඉඳලා ආපු සුදු අන්තවාදියෝ කවුද දන්නේ නැහැ...
මේ ප්‍රාන්තයේ නම "ඔහායෝ" වශයෙන් නිවැරදි විය යුතුයි. ඇමෙරිකාවේ සමහර වචන ලියන ලෙසින්ම උච්චාරණය වෙන්නේ නැහැ.
මේ ගොල්ලෝ මුළු ලෝකෙටම අවි පාලනය ගැන කියාදෙන්න හදනවා. නරකද ඒ ගොල්ලන්ගේ රටේ අවි පාලනය කරගත්තොත්... ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ...
කරුණාකර ඇමෙරිකාවට ට්‍රැවල් බෑන් හෝ වෝනින්ග් එකක් දාන්න ලංකාවේ අයට යන්න එපා කියලා. එහෙ සංචාරය කරන්න අනතුරුදායකයි. කොයි වෙලේ කොහෙන් කවුරු වෙඩි තියනවද දන්නේ නැහැ...
ලංකාවේ සමහර කට්ටිය බලාගෙන ඉන්නේ ලංකාවේ ත්‍රස්තවාදය මඩින්න ඇමෙරිකන් හමුදාවේ උදව් ගන්නයි. දැන් කියන්න තියෙන්නේ ලෝකේ අනික් අයගේ ප්‍රශ්න විසඳන්න ඉස්සර තමන්ගේ රටේ ප්‍රශ්න විසඳගන්න කියලයි. මේවාට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලයි.