( වසන්ත චන්ද්‍රපාල)
සහරාන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වා ඇති කඳවුරුවලට සහභාගි වු ජමාතේ මිලල්තේ ඉබ්‍රාහිම් සංවිධානයේ දෙදෙනෙක් රාජ්‍ය බුද්ධි සේවයේ නිළධාරින් සහ අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් මොහමඩ් ස්මයිල් සල්මාන් නැමැත්තා තහනමට ලක්වි ඇති ජමාතේ මිලල්තේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාදික් අබ්දුල් හක් යටතේ පුහුණුවීම් ලැබ සහාරන් ගේ නුවරඑලිය කදවුරට සහාභාගි වු පුද්ගලයෙක් වන අතර ඔහු ඔලුවිල් අග්නි දිග විශ්ව විද්‍යාලයේ අරාබි පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මොහු විසින් සාදික් අබ්දුල් හක් විශ්ව විද්‍යාලයට ගෙන්වා සිසුන්ට දේශනයක්ද පවත්වා ඇති බව පරික්ෂණවලදි තහවුරු කරගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වන මොහමඩ් උසනාර් මොහමඩ් නෞෂාඩ් නැමැත්තා ජමාතේ මිලල්තේ ඉබ්‍රාහිම් සංවිධානයේ නැගෙනහිර පලාතේ නායකයා වශයෙන් කටයුතු කර ඇත.සාදික් අබ්දුල් හක් ගේ උපදෙස් මත සහාරන් විසින් පවත්වන ලද අවි, පුපුරන ද්‍රව්‍ය ,සහා අයි.එස් මතවාදය සම්බන්දව නුවරඑලියේ පැවැත්වු කදවුරු සදහා ජමාතේ මිලල්තේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් සම්බන්ෂිකරණය ඇත්තේද මොහු විසින් බව ආරක්ෂක තහවුරැ කරගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නැති අගමැති නම් කීවේ සියල්ල ආරක්ෂිතයි..., දැන් ජනතාවට බියවීමට කිසිදු හේතුවක් නැහැ කියලනේ... එතකොට දැන් මේ අහුවෙන අය ඉන්නේ වෙන රටකද?
ත්රස්ටවාදීන්ට රජයෙන් ලැබෙන උදව් තියනකල් ත්‍රස්තවාදය නැති කරන්න බැහැ. අල්ලන ත්රස්තවාදීන්ට නිසි දඬුවම් නොදෙන්නේ කුමන හේතුවක් නිසාද..? මේ වැඩවලින් දුක් විඳින්නේ අහිංසක මුස්ලිම් ජනතාවයි.
අරමැති, මේමැති, අරපති හැම පහුගිය දිනවල පාරම්බෑවේ ඔක්කොම නීතිය ඉදිරියේ කියලා. එතකොට මේ අය..? අපි දන්නා විදියට නම් ත්රස්තවාදියා යනු තම අවස්ථාව එනතුරු බලා සිටිනා අවස්ථාවාදියෙකි.