(අනීෂා මානගේ)
තංගල්ල පිරිමි ජාතික පාසලේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අද මුහුණදුන් දරුවන්ට අඳුරේම විභාගයට මුහුණ දීමට සිදුවූ බවට මවුපියෝ චෝදනා කරති.
අද පෙරවරු කාලයේදී ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පැවැති අතර විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක පිහිටි පන්ති කාමර කිහිපයකට විදුලි සැපයුම නොමැති වීම නිසා දරුවන් අඳුරෙම විභාගයට මුහුණ දුන් බව මවුපියෝ පැවසූහ.
ඇතැම් ගුරුවරුන්ගේ දැනුම්දීම මත බැට්‍රිෙයන් ක්‍රියා කරන විදුලි පහන් විභාග ශාලා තුළට යැවූ බව ද අඳුරේම විභාගයට මුහුණ දීමට සිදුවීම නිසා තම දරුවන් අසීරුතාවට පත්වූ බව මව්වරු පැවසූහ.
තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ මැදිහත්වීමෙන් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ සහයෙන් පෙරවරු 10.15 ට පැවැති විවේක කාලය අතරතුරදී අඳුරේ පැවැති විභාග ශාලාවලට ආලෝකට සැපයීමට ක්‍රියාකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඳුරෙන් එළියට...
සාමාන්‍යයෙන් විභාග දිනවලට ඔහොම වෙනවා. මමත් පසුගිය ජූනි මස 30 දින කොළඹ විභාග මධ්‍යස්ථානයක විභාගයකට ගියා. ශාලා ඉතාම අපිරිසිදුයි. උදේ කාලයේ දෙමාපියන්ටද ඉඳගෙන සිටීමට කාමර විවෘතකර දුන්නත් ඉතා අපිරිසිදු ඒ කාමරවල තිබූ කුණු ඉවත්කර දමන ලෙසට කීමට තරම් විදුහලේ සිටි මුරකරුවන් වැනි සමහර පිරිස් සාහසිකවීම කොතරම් ඛේදජනකද..? ඒ අතර විදුහලට පැමිණි සිසුන්ද විභාග ශාලාවක් ගැන නොතකා කටයුතු කලේ කුමක් නිසාදැයි සිතීමට නොහැක. එදින සිදුවූ වඩාත්ම කණගාටුදායක සිදුවීම නම් සියළු වැසිකිළි අගුළුදමා වසා තිබීමයි. පිරිමින්ට කෙසේ හෝ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට හැකිවුවත් කාන්තාවන්ට හා තරුණියන්ට ඇතිවන අපහසුතාවය ගැන සිතා බලන්න. මැතිවරණ කොමිසම් කාර්යාලය පෙනෙන දුරින් මේ පාසැල පිහිටා ඇත.
ලගම පාසල් හොදම පාසල්ලුනේ