(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පවසයි.
ජනාධිපතිවරයාට කැමති අයෙකු දකුණේ ආණ්ඩුකාර ධුරයට පත්කරගැනිම සදහා ඉඩ සලසමින් තමන් ඉල්ලා අස්විමේ ලිපිය අද භාර දුන් බවද දකුණු පළාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා සඳහන් කළේය.
දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඌව පළාතේ හෝ මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මීට පෙර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ මෛත්‍රි ගුණරත්න හා ඌව පළාත් ආණ්ඩුකාර ධුරය දැරු නිතිඥ මාෂල් පෙරේරා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේලි වේලි ඉන්නකොට නිතර නිතර මාධ්‍ය සාකච්ඡා තිබ්බේ මෙයා නේද?
නියමයි. අර කාගෙද බෙල්ලේ රත්තරන් ගැටගැහුවා වගේ හිටියේ...
ජොබ් එක මාරයි.. සල්ලි හමාරයි..
පත්කළේ කව්ද? මේ ඉක්මණින් ඉවත් වෙන්නේ ඇයි? ආවට ගියාට පත්වීම් දෙන්නේ ඇයි? නුසුදුස්සන් පත්කරලා රට අවුල් කරන්නේ ඇයි...?
තනතුර ගන්න ඉස්සෙල්ලා කරපු, කියපු දේවලුයි ගත්තාට පස්සේ කරපු වැඩයි ගැන කලකිරිලා වෙන්නැති අස්වෙන්න හිතුවේ...
මේ මුදල් නාස්ති කරන පළාත්සභා අපේ රට්ටට අවශ්‍ය නැත කරුණාකර ඕව අහෝසිකරලා දමන්න , එතකොට රටේ තිබෙන අර්භුධ ගොඩක් විසදේවි.