පස්කඳු කඩාවැටී උඩරට දුම්රිය ගමනාගමනයට බාධා පැවති ධාරානිපාත වර්ෂාව සමග බණ්ඩාරවෙල ඔබඩඇල්ලේදී දුම්රිය මාර්ගයට දැවැන්ත පස් කන්දක් කඩා වැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 05 December 2019
කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්රකාශනයේ රාජ්‍ය දෙකේ පදය ලංකාවට අදාල නෑ බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් ‘රාජ්‍ය දෙකක්’ යන සඳහන ශ්‍රී ලංකාවට අදාළ නොවන බව එම පක්ෂයේ උපසභාපති පෝල් ස්කූලි මහතා අවධාරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. 04 December 2019
ස්විස් තානාපති නිලධාරිනිය මෙතෙක් පැමිණිල්ලක් කර නෑ පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය එම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් කර නැතැයි විදේශ කටයුතු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (4) පැවැසීය. 04 December 2019
ඇමැතිවරුන්ගේ විෂය පථයන් වලට අයත් ආයතන ගැසට් කෙරේ ඇමතිවරුන්ගේ විෂය පථයන් සහ ඊට අයත් ආයතන ඉදිරි දින දෙක ඇතුළත ගැසට් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 04 December 2019
ගල් - වැලි - පස් ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසියි ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය අද (4) තීරණය කර ඇත. 04 December 2019
කරාපිටියේ සායනික අපද්‍රව්‍ය කන්ටේනර් 12 ක් කරාපිටිය ශික්ෂණ රෝහලෙහි සායනික අපද්‍රව්‍ය අන්තර්ගත කන්ටේනර් 12 ක් අනීතික ලෙස රඳවා තබාගැනීමෙන් සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් නැගී ඇතැයි කරාපිටිය රෝහල් කමිටුවේ සභාපති පාලිත අමරවර්ධන මහතා ‘ලංකාදීප’ යට පැවැසීය. 04 December 2019
බදුලු ඔය පිටාර ගලා ගම් කිහිපයක් යටවෙයි බදුලු ඔය පිටාර ගැලීමෙන් සුමනතිස්ස ගම , හෑගොඩ , කයිලගොඩ සහ හිඟුරගමුව යන ප්‍රදේශ අඩි දෙකක් පමණ ජලයෙන් යට වී පවතින බව බදුල්ල දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසයි. 04 December 2019
පස්සර - බදුල්ල මාර්ගය තාවකාලිකව වහයි පස්සර බදුල්ල මාර්ගයේ ගෝනගල ඉහළ කදු ප්‍රදේශය ඇතුළු ප්‍රදේශය කිහිපයක්ම අද (04) නාය යෑමට ලක්වීමෙන් එම මාර්ගය තාවකාලිව වසා දැමූ බව පොලිසිය පවසයි. 04 December 2019
තොරතුරු ලබා නොදුන්නැයි මාධ්‍යවේදීයෙක් පෙත්සමක් ගොනු කරයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලු තොරතුරු ලබා නොදීමට එරෙහිව පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකු අභියාචනාධිකරණය හමුවේ අද (04) රීට් පෙත්සමක් ගොනු කළේය. 04 December 2019
නැගෙනහිර-උතුරුමැදට නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (4) පස්වරුවේ දිවුරුම් දුන්හ. 04 December 2019
කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි කොළඹ නගරයට අද (4) පස්වරුවේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීම නිසා ජනතාව දැඩි පීඩාවකට පත්වූහ. 04 December 2019
රංජන්ට එරෙහි නඩුවේ වාචික දේශන දැක්වීම කල්යයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමානායක මහතාට එරෙහිව ගොනු කර ඇති පළමුවැනි අධිකරණ අපහාස නඩුවේ වාචික දේශන දැක්වීම ලබන පෙබරවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 4) දින නියම කළේය. 04 December 2019
ශ්‍රී ලංකාවේ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරන බව දැනුම් දී ඇතැයි නීතිපති අද (4) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. 04 December 2019
සඳට යැවූ චන්ද්‍රයාන්-2 යානයේ සුන්බුන් හමුවේ ඉන්දියාව සඳට යැවූ චන්ද්‍රයාන්-2 යානයේ සුන්බුන් සොයාගත් බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 04 December 2019
හිටපු දැව සංස්ථා සභාපති-ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී නඩු තීන්දුව19 හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුවේ තීන්දුව ලබන 19 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (04) දින තීන්දු කරන ලදී. 04 December 2019
හිඟ පෙළ පොත් ජනවාරියේදී දෙයි ලබන පාසල් වාරය ආරම්භ කරන පළමු දිනයේදීම සිසුන්ට හිඟ පෙළපොත් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. 04 December 2019
අ’පුර රෝහල් වැඩබලන අධ්‍යක්ෂක ඉවත්කරන්නැයි වෘත්තීය සමිති ඉල්ලති අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා වහාම ඉවත්කර පැය 48 ක් තුළ ස්ථිර අධ්‍යක්ෂකවරයකු පත්කිරිමට බලධාරින් ක්‍රියා නොකළ හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැබෙන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාකාරි එකමුතුව පවසයි. 04 December 2019
වලපනේ ගල්කොරියේ වැඩ නවතී වලපනේ, මලපට්ටාව ප්‍රදේශය නායයාමට ප්‍රධාන හේතුවක් වූ බව කියන, ගල්කොරිය පවත්වාගෙන යාමට නිකුත් කර තිබෙන බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. 04 December 2019
උසස් අධ්‍යාපන ඇමැතිගේ ප්‍රකාශයකට ගුරු සංගමයෙන් විරෝධය ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය තීරණය කර ඇති බවට බන්දුල ගුනවර්ධන අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශයට විරෝධය පළ කරන බවත් එම ප්‍රකාශය තුලින් රජයේ පාසල් වලට ගුරුවරුන් බදවා ගැනීම ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට පටහැනි බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි. 04 December 2019
සා.පෙළ ලියන්න එද්දි සර්පයෙකු දෂ්ට කරලා මහියංගනය අධ්‍යාපන කලාපයට අයත් අරාව විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී අද (04) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සිය නිවසේ සිට කැලෑබද මාර්ගයක් ඔස්සේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් සිටි පාසල් ශිෂ්‍යාවක් මහ මගදී සර්පයකු දෂ්ට කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව අද (04) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබේ 04 December 2019
රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(04) උදෑසන අභාවප්‍රාප්ත විය. 04 December 2019
එල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස් කළ 12 ක් ස්විස් අධිකරණය නිදහස් කරයි එල්.ටී.ටී.ඊ. සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව සඳහන් කරමින් එම සංවිධානයට අරමුදල් රැස් කළ බවට චෝදනා ලැබ සිටි 12 දෙනකු නිදහස් කිරීමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය විසින් අද (3) නියෝග කරනු ලැබීය. 03 December 2019
හිටපු ඇමැතිවරු දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස බාර දී නෑ ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 03 December 2019
කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් ස්විස් විදේශ කටයුතු අමාත්‍යාංශය කරුණු විමසයි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගැනීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලයෙන් දුන් තොරතුරු පරස්පර බවට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත රජය තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් කරුණු විමසූ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ප්රවෘත්ති නිවේදනයක සඳහන් වෙයි. 03 December 2019
ඇවන්ට් ගාඩ් නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ 5 වැනි සහ 12 වැනි විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගැනීමට අද (03) නියෝග කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළේය. 03 December 2019
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අල් මුල්ලා මහතා අද (03) පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. 03 December 2019
ජනපතිවරයාට එරෙහි පෙත්සමකට නිකුත් කර තිබූ අතුරු නියෝගයක් දීර්ඝ කෙරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් නිකුත් කර තිබූ සිතාසිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන ජනවාරි 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමට නියෝග කෙරිණි. 03 December 2019
දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 03 December 2019
‘ඌරු ජුවා’ට කප්පම් මුදල් රැස් කළ පාතාලයේ 4ක් අත්අඩංගුවට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ මාඹුලගේ දිනෙත් මිලාන් හෙවත් ඌරු ජුවා නමැත්තාගේ කප්පම් මුදල් එකතු කිරීමේ යෙදුණු පාතාල සාමාජිකයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසට කියයි. 03 December 2019
‘තානාපති කාර්යාලයේ නිලධාරීනිය ගැන රාජිතගෙන් අහන්න‘ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන ගියා යැයි කියන සිද්ධිය පිළිබදව බොහෝ තොරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා දන්නා බව ඔහුගේ ප්‍රකාශ වලින් හෙළිවන බැවින් පොලිසිය වහා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතුයැයි ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කළේය. 03 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026