දිස්ත්රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් කරයි
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය හේතුවෙන් දැනට අධි අවදානම් දිස්ත්රික්ක ලෙස නම් කර ඇති දිස්ත්රික්ක හයෙන් හතරක් හැර සෙසු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය මෙසේ ලිහිල් කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.