ඉන්දියාවෙන් - පාකිස්තානයෙන් සිසුන් 215 ක් ගෙන්වා ගැනීමට යයි
මෙම කොවිඩ් - 19 වසංගත රෝග සමයේ විදේශගතව සිටින ශ්රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , පළමු සිසුන් කණ්ඩායම ලෙස සිසුන් 215 ක් පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිට ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.