මනෝප‍්‍රිය ගුණසේකර
කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන නවතා දමා ඇති අධිකරණ කටයුතු හෙට (20) යළි ආරම්භ කිරීම සදහා අධිකරණ සේවා කොමිෂන් සභාව චක‍්‍රලේඛණයක් මඟින් සියලුම විනිසුරුවරුන්ට උපදෙස් ලබාදී ඇත.
මහාධිකරණ, සිවිල් අභියාචන මහාධිකරණ, වාණිජ මහාධිකරණ, දිසා අධිකරණ, මහෙස්ත‍්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්ච සභා වලට බලපැවැත්වෙන පරිදි අදාළ චක‍්‍රලේඛනය මඟින් උපදෙස් ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සදහා දිනකට 500-1000 පිරිසක් එක පොදියට අධිකරණ ශාලාව තුල සිටිනවා , පෙරකදෝරු මහත්වරු 20-30 එක පොදියට මේසයක් වටේට වාඩිවෙලා ඉන්නවා මුකවාඩම් දමාගෙන නඩු කතාකරන්න බැහැ. මේ එක පෙරකදෝරු මහත්මයෙකුට / මහත්මියකුට කොරෝන බෝ වුනොත් ඉතා පහසුවෙන් , වාද විවාද කරන අවස්ථවේදී සහ සතුටු සමිච්චියේ දෙනකොට අනිත් පෙරකදෝරු වරුන්ට බෝ වෙන්න පුළුවන් , පෙරකදොරු මහත්මයෙක් /මහත්මියක් සාමාන්‍යයෙන් දිනකට සේවා දායකයන් 10-30 අතර ප්‍රමාණයක් සමග සම්බන්ධතා පවත්වනවා , උසාවියේ කැන්ටින් එකට යනවා , මෙහෙම බැලුවොත් පුදගලයන් 1000 කට වැඩි ප්‍රමාණයකට දින 2-3 කදී කොරෝන බෝ වෙන්න පුළුවන් . පෙරකදෝරු මහත්වරු සේවය කරන්නේ එක අධිකරණයක් පමනක නොවේ , ඉරිදා කොරෝන නිසා ඇදිරි නිතිය දමල , සදුදා උසාවි විවර්ත කරනවා. අද කොරෝන රෝගීන් 15 දෙනෙකු අලුතෙන් හමු වෙලා , උසාවි නිලධාරීන් , පොලිසිය නිලධාරීන් , බන්ධනාගාර නිලධාරීන් එකට රාජකාරි කටයුතු කරනවා. සමහර රදවියොත් බන්ධනාගාරයට නඩු කටයුතු සදහා ගෙන එනවා... මෙය ඉතා භයානක තත්වයක්...