(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර තලාතුඔය වෙලේගම්මැද්ද ශ්‍රී බෝධිමාලකාරාම විහාරයේ විහාරවාසි මතුරට ඉන්ද්‍රසාර හිමියන්ට අද විහාරයට පැමිණ පුද්ගලයෙකු අමානුෂික අන්දමට එල්ල කළ පහරදීම් වලින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාතුඔය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
අද දහවල් දානය වැලදීමට සූදානම් වන විට මෙම පුද්ගලයා විහාරයට ඇතුලු වී තමාට අතින් පයින් හා දොර පොල්ලෙන් පහරදී ඇති අතර තමාගේ සිවුර ගලවා ඉවත් කොට දණගස්වා එම පුද්ගලයාට වදින ලෙසද ප්‍රකාශ කලබව පහර කෑමට ලක්වූ හිමිනම රෝහලේදී ප්‍රකාශ කරන ලදි.
තමාට පහරදුන් හේතුව කුමක්ද යන්න හිමි නම නොදන්නා බවත් ප්‍රකාශ කරනු ලැබීය. හිමි නමගේ දුරකතනය ද ඔහු ලබාගෙන ලිපියකටද අත්සන් ගත් බව එමහිමි නම ප්‍රකාශ කරන ලදි.
නිට්ටඹුව ශ්‍රී සාරිපත්‍ර විද්‍යා පිඨයේ ඉගෙනුම ලබන මෙම හිමි නම විහාරයේ තනිව වැඩ වාසය කරනු ලබයි. මෙම පහරදීම් වලින් හිසට හා කණකට දරුණු ප්‍රහාර එල්ල වී ඇති අතර ශරීරයේ බොහෝ ස්ථානවලට එල්ල කල පහර වලින් තැලීම් සිදුවී තිබේ.
තුවාල ලැබූ හිමි නම වැඩිදුර ප්‍රතිකාර හා වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර මහරෝහලට මාරු කර යවා ඇත.
පහරදුන් පුද්ගලයා යතුරු පැදියකින් පැමිණි ඇති අතර මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර තලාතුඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න එපා... මොකද අනිත් අයත් හාමුදුරුවන්ට තියෙන ගෞරවනීය බය සැක නැති වෙලායනවා.
මොකක් හරි වෙන්න ඇති.... ඒකට දඬුවම තමා ඔහොම දෙන්න ඇත්තේ.
පහර දීමට හේතුව,?
පළමුව මෙම ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය පතන්නෙමු. චීවරයට ගරු කිරීම ඒ ඒ අය තමන් ඉපදුනු හැදුනු වැඩුණු පරිසරය මගින් ඉගෙනගන්නවා යන්න අපගේ අදහසයි. එය බලෙන් කියාදීම වැඩදායිද නැද්ද ප්‍රායෝගික නොවේ. මෙම වාක්‍ය " හිමි නමගේ දුරකතනය ද ඔහු ලබාගෙන ලිපියකටද අත්සන් ගත් බව එමහිමි නම ප්‍රකාශ කරන ලදි." නීතිමය යමක් පැහැදිලිව හඳනාගත නොහැකි වේද?