මහින්ද නිශ්ශංක
කොරෝනා වයිරසය හේතුවෙන් සම්පූර්ණයෙන්ම නවතා දැමුණු දුම්රිය ධාවනය හෙට(20) සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව අද දිනයේ පිටපළාත්වල සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය 23 ක් ධාවනය කෙරේ.
මහනුවර, ගනේවත්ත, රාගම, දුම්රිය එක බැගින් ද පොල්ගහවෙලින් දුම්රිය තුනක් ද, රඹුක්කනින් දුම්රිය දෙකක් ද, හලාවතින් දුම්රිය තුනක් ද, අවිස්සාවේල්ලෙන් දුම්රියක් ද, පුත්තලමින් එක් දුම්රියක් ද කොස්ගමින් එකක් ද ගාල්ලෙන් දුම්රිය තුනක් ද අලූත්ගමින් දුම්රිය දෙකක් ද, බෙලිඅත්ත සහ හික්කඩුව දුම්රිය එක බැගින් ද ධාවනය වන බවත් සවස්වරුවේ කාර්යාල දුම්රිය 23 ක් කොළඹ සිට එම ප‍්‍රදේශ දක්වා ධාවනය කරන බවද දුම්රිය සාමාන්‍යධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධාවනය වන වේලාවන් ප්‍රසිද්ධ කරනවා නම් වටිනවා.
කොළඹට විතරක් දුම්රිය ධාවනය ප්‍රමාණවත් නැහැ. දිවයිනේ අනිකුත් ප්‍රධාන නගරවලට පැමිණෙන කාර්යාල මගීන්ගේ පහසුව පිණිස නියමිත කාලසටහනට අනුව එක් කාර්යාල දුම්රියක් බැගින් යාම් ඊම් සඳහා යොදවන ලෙස ඉල්ලා සිටිනවා.