මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඒ අනුව අද (18) දින ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යව 254 ක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටින පිරිස අතරින් මෙම රෝගීන් 6 දෙනා වාර්තා වී ඇති බවත් ඒ මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී රෝගීන් 7 දෙනෙකු මියගොස් ඇති අතර 86 දෙනෙකු සුවය ලබා පිටව ගිය ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ රෑ අප්ඩේට් දෙන්නෙ මිනිස්සු දැනගනී කියලා බයටද.
ඒ උනාට අර නාලිකා දෙක කියන්නේ ලංකාවේ කොරෝනා බිය ඉවරයි. මැතිවරණයක් තියන්න හොඳම කාලය කියලනේ. ඒ මොකද අප්පා ඒ ?
බය වෙන්නෙපා. එක්කො ඔය ගනන් අඩු වෙන්න ඕන , නැත්තන් නොපෙනෙන්න කරන්න ඕන. මොකද දැන් ඇත්තොන්ට ඕන රට ඕපන් කරල වෙන මොකක් හරි කරගන්න. ඉස්සරහට සමහර විට ඔය ආසාදිත සංඛ්‍යා වූනත් මිනිස්සුන්ට පේන්නෙ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්ද මිනිස්සු පරිස්සමෙන්. අනෙක් ඇදිරි නීතිය ඡන්දෙන් පස්සෙ.
ආණ්ඩුව කියන විදියට අවදානම ඉවරයි. රට අරින්නත් හදනවා. තව සුමාන දෙකකින් ප්‍රතිපල බලා ගන්න පුළුවන්.
ගතවූ ඡන්දෙදි එක අපේක්ෂකයෙක් හැමදේම නිකන් දෙනවා කියලා කියන එකට හිනාවෙවී අනිත් අය උඩපැන්නා. දැන් මිනිස්සු අන්දලා විද්‍යාත්මක ක්‍රමවේදයට බලයට පැමිණි අය හැම දේම නිකන් දෙන්න වෙච්ච එක ගැන හිතන කොට දුකේ බැහැ.