(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
අහංගම නාකන්ද ප්‍රදේශයේ ඉඩමක නිධානයක් හාරමින් සිටි බව කියන භික්ෂුන්වහන්සේ නමක් ඇතුළු සිව්දෙනෙකු අද (18) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
මොවුන් නිධානයක් හාරමින් සිටින බවට ගම්වාසින්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරින් විසින් එම ස්ථානයට ගොස් පරික්ෂාකොට ඇත.
එහිදි මෙම පිරිස ඉඩමේ වලක් හාරමින් සිට ඇත.
අලවංගුව හා මොවුන් පැමිණි කාර්රථයද පොලිස් බාරයට ගෙන ඇත.හිමිනම කඩුවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන අතර අනික් සැකකරුවන් සිව්දෙනාගෙන් දෙදෙනෙක් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති අනික් දෙදෙනා නුගෙගොඩ හා කදාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
මොවුන් මෙම ප්‍රදේශයේ නිවසක මාසයක පමණ කාලයක සිට පදිංචිව සිට ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකාර හිමි නම හා අනික් සැකකරුවන් සිව්දෙනා හෙට (19) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ හාමුදුරුවෝ සසර කෙළවර කරගන්න යන හැටි...
භික්ෂූන්වහන්සේ වේගයෙන් බුදු දහමින් ඇත් වේගෙන යනවා අන්‍ය ආගමිකයන්ට දොස් කීමෙන් තේරුමක් නැහැ. ප්රශ්නය තියෙන්නේ අප ලගමයි!!!
මේ වගේ කතා පල කරන්න නාකයි. අපේ මහා සංඝරත්නය බාල්දු වෙනවා. එකහින්දා උන්නැහේව චීවර ධාරියෙකු නැත් නම් කහකඩයෙකු හැටියට හඳුන්වන්න.