(අනීෂා මානගේ)
වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේදී ජල මෝටරයක් සවි කිරීමට යාමෙන් පුද්ගලයකුට විදුලිසැර වැදී අද(17) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේ පදිංචිව සිටි ලොකුගමගේ දිනෙත් ප්‍රියංකර(32) නම් අයකු බවද පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ සිරුර තංගල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් ලෝකේ විදුලිසර වැදීම් වලින් වන මරණ අනුපාතය මිලියනයකට එකක් අපේ රටේ ගිය වසරේ කරපු සමීක්ෂණයකට අනුව ඒක මටමතක විදියට 6 ක් එකෙනුත් දකුණු පළාත තමයි මුලින් ඉන්නේ . මේ ව අපේ මිනිස්සුන්ගෙම මෝඩකම් හුඟක් දෙනෙකුගේ ගෙවල් වල " ට්‍රිප් ස්විච් " නැහැ තිබුනත් ඒක වැඩ නැහැ 57% දෙනා මේකෙන් කෙරෙන දේ දන්නෙත් නැහැ ! ඉතින් තව මොන කතාද අඩු මේක බලන අයවත් අඩු තරමේ මාසයකට වරක් වත් එකේ තියන අර බොත්තම ඔබල එකේ ක්‍රියාකාරිත්වය තහවුරු කරගන්න වැඩ කලේ නැත්නම් හෙටට කල් නොදා එවෙලේම අලුත් එකෙක් දමා ගන්න මොකද අලුත් එකෙක් රු 2000 ක් විතර උනත් මිනිස් ජීවිතයක් ඊට වටිනවා.