කොරෝනා වසංගත තත්ත්වය මධ්යීයේ, එතෙර සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ යමින් පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා වියළි සලාක බෙදා හැරීමේ කටයුතු සදහා අමතර ප්‍රතිපාදන ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර ඇත.
මෙය එම වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට නොහැකි සංක්‍රමණිකයින් මුහුණ දෙන ක්ෂණික දුෂ්කරතා මඟහරවා ගැනීමට උපකාරී වීමක් වන හෙයින් එම පිරිස් වෙත වියලි ආහාර සලාක සැපයීම වෙනුවෙන් මෙලෙස අමතර ප්‍රතිපාදන ඉල්ලූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ඉකුත් 15 වැනිදා විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙම කලාපය අධීකරණය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මැද පෙරදිග පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා කොන්සල් කාර්යාලවල තානාපතිවරුන් සමඟ පැවති වීඩියෝ සම්මන්ත්රෙණයක දී මේ පිළිබඳව විශේෂ අවදානය යොමු කරන ලදී.
මෙම සාකච්ඡාවට බහරේන්, කුවේට්, ජෝර්දානය, ලෙබනනය, ඕමානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්යෙය, කටාර්, ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඒකකවල ප්‍රධානීන් සහභාගී විය.
මෙම සංක්‍රමණික සේවකයින් සම්බන්ධ ප්‍රධාන ගැටළු වන ඉහළ යමින් පවතින විරැකියාව, කොන්ත්‍රාත්තු අහිමිවීම, වැඩ බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලික නිදහස් රැකියා නතර කිරීම වැනි සිදුවීම්වල විසඳුම් සෙවීම සඳහා මෙහි දී විශේෂ අවධානයක් යොමු කරන ලද අතර, මෙම සමහර ශ්‍රමික කොටස්වලට ඔවුන්ගේ මූලික ජීවන තත්වයන් පවත්වා ගැනීමටත්, හැකි විටෙක දී ඔවුන්ගේ නිවෙස්වල සිටින පවුල්වලට සහාය වීමටත්, හදිසි ආධාර අවශ්‍ය වී ඇතැයි විදේශ අමාත්‍යාංශය පෙන්වාදේ.
දැනටමත් පොදු සමාවක් ප්‍රකාශයට පත් කොට, ශ්‍රමිකයන්ට ඉවත්ව යාමට අවසර දී ඇති රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික හා දේශපාලනික වශයෙන් නියැලීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, ලියාපදිංචි නොවූ සේවකයින්ගේ තත්වය නීතිගත කිරීමේ දී හැකි විසඳුම් ලබා ගැනීමට සහ කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කිරීම, රැකියා අහිමිවීම සහ නෛතික තත්ත්වය හේතුවෙන් පැන නැගී ඇති විවිධ ආරවුල් සඳහා සාමකාමී විසඳුම් සෙවීමට, පළාත් පාලන ආයතන හා අදාළ කම්කරු අමාත්යාංධශ සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස මෙම අමාත්යාං ශය මැද පෙරදිග පිහිටි ශ්රීල ලංකා දූත මණ්ඩලවලට උපදෙස් දුන්නේය.
එසේම කෙරෝනා ආසාදනය වී ඇතැයි සැකකරනු ලැබීම හෝ එසේ ආසාදනය වීම හේතුවෙන් වෛද්යප ආධාර ඉල්ලා සිටින ශ්රීන ලාංකිකයන්, අදාළ වෛද්යම පහසුකම් සපයන දේශීය රෝහල් වෙත යොමු කිරීමට ක්ෂණික පියවර ගනිමින් සිටින බව ද, ඉන්පසු තානාපති කාර්යාල නිලධාරීන් විසින් ඒ පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කරනු ලබන බව ද මෙම දූත මණ්ඩල අමාත්යාං ශයට වාර්තා කළේය.
විදෙස්ගත ලාංකිකයින්ට පිහිට වීම සදහා අමාත්‍යාශය මගින් ආරම්භ කල කන්ටෑක්ට් ශ්‍රී ලංකා නැමැති සජීවි අන්තර්ජාල පිවිසුමෙන් විවිධ ඉල්ලීම් කරමින් ලියාපදිංචි වී ඇති 59,419 දෙනාගෙන් 21,575 දෙනෙක් මැද පෙරදිග කලාපයේ පදිංචි අය යැයිද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙම අදාළ ස්ථානවල සිටින ශ්‍රි ලාංකික ප්‍රජාවන්ගේ දෛනික අවශ්‍යතා හා විමසීම් සඳහා ක්‍රියාත්මක වීම පිණිස, පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන ඇමතුම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත්, තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අඛණ්ඩව රාජකාරියේ යෙදෙන ලෙසත්, විදේශ අමාත්‍යාංශය සියලු දූත මණ්ඩලවලට උපදෙස් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්සුරන්ස් එකට ගන්න සල්ලි කොහෙද? සාක්කු වලද?
දැන් ද ප්‍රතිපාදන ඉල්ලන්න මතක් වුනේ ? ඔය මිනිස්සු දැන් මාසයක් විතර ඔය රටවල් දුක් විදිනවා. ඔය ප්‍රතිපාදන අනුමත කරලා ආධාර දෙනකොට තව සති 2 වත් යාවි එතකොට ඔය මිනිසුන්න්ට වෙන ඕනේ දේවල් සිදුවෙලා තිබේවි ,
මේ සල්ලි ඉල්ලන්නේ අපට දෙන්නම කියල වෙන්න ඇති... බලමු කාටද හම්බ වෙන්නේ කියලා..? අපටද විදෙස සේවා එකේ වැඩ කරන අයටද කියලා. සව්දි අරාබියේ නම් ඉන්නේ කිසිම වැඩක් නොකරන දේශපාලුවෙක් තානාපති වෙලා...
දැන් අර විදේශසේවා කාර්යංශයේ බක පන්ඩිතයො නිදිද?
චාමර මහත්මය ඔබ ඔය කියන ආණ්ඩුවේ නිලධාරී වැඩකරන පිළිවෙල නිසා තමා ලංකාව හැමදාම දුප්පත් , පුරවැසියෝ හැමදාම දුක් විදින්නේ .
ඔය ප්‍රතිපාදන වෙන්කරාට වැඩක්නැ ආධාර ලැබෙන්නැ ලෙබනන් වලට එවපු සල්ලි තාම බැංකුවෙලු ඩොලර් කරගන්න විදියක් නැතිව මේ රටෙ මුදල් වලින් වියලි ආහාර ද්‍රව්‍ය ඕන තරමට ගන්න පුලුවන් මෙයාලා සල්ලි මාරු කරනකොට වසංගතය ඉවරයි
පණ්ඩිතයොන්ට තාම ප්‍රශ්ණයක් නැහැ. පඩි ලබමින්, රජයේ වාහන වල යමින් සතුටින් කාලය ගත කරනවා
හොද ගසා කෑමකට සැරසෙනවා වගේ. අර රට යනකොට ගන්න රක්ෂණය ඒකෙන් ගන්න. හැම රටකම සේවකයන්ට තම පඩි ගෙවනවා වැඩ නැති වුනාට. කොහොමත් වියලි සහනාධාර නම් ඕනෙම නැහැ.
ජනාදිපති තුමනි. අපි ඔබව විශ්වාස කරමු. විදේශ අමාත්‍යාංශය කියන්නේ කිසිම වැඩකට නැති සුදු අලියෙක්. මම රටවල් 3ක දැනට සේවය කර ඇත්තෙමි. කිසිම සේවාවක් මෙම විදේශ අමාත්‍යාංශය විසින් අපිට කර නැත. අපෙන් මුදල් කඩා ගැනීම පමණක්ම කරන අමාත්‍යාංශයකි. කිසි විටකත් මුදක් අනුයුක්ත නොකරන මෙන් ඉල්ලා සිටිමි.
මම ගනකාදිවරයෙන් වශයෙන් විදේශ අමාත්‍යාංශය අවුරුදු 15ක් සේවයක ඇත්තෙමි. මෙහි සිටින උසස් නිලදරුවන්ගේ සහ අදාල පවුල් වල වත්කම් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් සල්ලි වලට වෙන්නේ මොනවද කියලා. හොර ගුහාවක්. ජනපතිට සොයාබැලිය යුතු තවත් තැනක්. රට සිටින කිසිම කෙනෙකුට කිසිම සහනයක් නොදෙන ආයතනයක්.
රජය පිටරට ඉන්න අයට සලකපු විදිහ අන්තිම කැතයි. මෙහෙ ඉන්න සමහර අයට ඒ රටවලින් එවන සංවේදී පණිවිඩ දැක්කම කඳුලු එනවා. අපේ රටේ කැත පාලකයෝ අපිට කිව්වෙ කොරෝනා බෝම්බ කියලා. හිටපු තැනකට යන්න කිව්වා. දැන් කෙළ පෙරනවා ජන්ද ගන්න. කීබෝඩ් වීරයෝ 49/- ඩේටා කාඩ් එකක් දාගෙන කඩේ ගියාට පිටරට ඉන්න අයගේ විනිමය වලින් තමයි ඔය පොරවල් රගපාන්නේ.