වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් සිටින අග්නිදිග ආසියානු රට බවට ඉන්දුනීසියාව පත්ව ඇත.
අද (17) පස්වරු 3න් අවසන් වැය වූ පැය 24ක කාලයේදී නව ආසාදිතයෝ 407ක් හමුවූහ. ඒ අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 5,923ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වූ අග්නිදිග ආසියානු රට බවට පත්ව තිබුණේ පිලිපීනයයි.
අද පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව මරණ 24ක් වාර්තා වූයේ යැයි ද ඒ අනුව ඉන්දුනීසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 420ක් දක්වා ඉහළ ගියේ යැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.
මේ වනවිට ඉන්දුනීසියාව ‘කොවිඩ්-19’ පරීක්ෂණ 42,000ක් කර ඇතැයි පිලිපීන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට අසමත් වූ බවට ඉන්දුනීසියානු ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇත. ඉන්දුනීසියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ මාර්තු 2 වැනිදාය. ඉන්දුනීසියානු බලධාරීන් වයිරසය ව්‍යාප්ත වීමට ඉඩ හැරි බවත්, විශේෂයෙන්ම අගනුවර තුළ වයිරසය ව්‍යාප්ත වීමට ඉඩ දී බලා සිටි බවටත් චෝදනා එල්ල වී ඇත.
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අග්නිදිග ආසියාවේ විශාලතම ඉස්ලාම් රාජ්‍යය ඉන්දුනිසීයාවයි.
අනේ ඔකටත් ජතිවාදය එක පුතා, දඹදිව ගිය අම්මාටත් කොරෝනා