ඉන්සියුලින් තොගයක් එයි
ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් අද (15 වැනිදා) කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි.