(මොහොමඩ් ආසික්)
ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබීම හේතුවෙන් තම ජීවනෝපායන් අහිමිව සිටින ජතනාව වෙනුවෙන් රජය මගින් ලබා දෙනු ලබන රුපියල් 5000 ක දීමනාව ලබා දීමේ කාර්යයෙන් ග්‍රාම නිලධාරින් ඉවත් වන බවත් අද සිට එම කටයුතු අධීක්ෂණය පමණක් සිදු කරන බවත් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කීය.
ඒ මහතා තව දුරටත් සඳහන් කළේ, රුපියල් 5000 ක දීමනාව හිමි විය යුතු පිරිස් සම්බන්ධයෙන් වූ නාම ලේඛණයක් සකස් කර මේ වන විට ග්‍රාම නිළධාරින් විසින් ඉදිරිපත් කර ඇති බවත් එම ලැයිස්තුව නොසලකා සමෘද්ධි සංවර්ධන නිළධාරින් මගින් නැවත ලැයිස්තු සකස් කර ප්‍රාදේශිය දේශපාලන අධිකාරියේද සහාය මත මෙම දීමනා ගෙවීමට කටයුතු කිරීම ග්‍රාම නිළධාරින් නොසලකා හැරීමක් නිසා ග්‍රාම නිළධාරින් මෙම රාජකාරි කටයුතුවලින් ඉවත්ව කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව අධික්ෂණය පමණක් සිදු කරන බවත් සුමිත් කොඩිකාර මහතා තව දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කිසිම දීමනාවක් ඇස් දෙකටම දැක්කේ නැහැ අප්පා.
සමහර සමෘද්ධි නිලධාරීන් සමෘද්ධිලාභීන්ගේ නම් දාලා වෙන අයට සහන දෙන බවට කතාවක් යනවා. තව පළාත්වලත් වෙනවා ඇති. ඒ නිසා වෙන්න ඇති ඔය තරම් ආදරෙන් ලිස්ට් හදන්නේ.
බොහොම හොද වැඩක්. මොකද මේ අය කොහොමත් හොයාගන්න බැරි උනා මේ දවස් වල.
මෙයාලනම් ඉවත් වෙන එකමයි හොද. සමහරක් අය හිතාගෙන ඉන්නේ තවම අර සුද්දගේ කාලේ ඉදපු ආරච්චි මානසිකත්වයෙන්. නිලධාරී මානසිකත්වයෙන් ඔලුව උදුමවාගෙන ඉන්න බහුතරයක් තමයි ග්‍රාම නිලධාරී තනතුර දරන්නේ. සමහරු ගම් වලට අරක් ගත්ත බහිරවයෝ වගේ බඩගෝස්තරවාදී දේශපාලකයන්ගේ කටු ලෙව කකා ගමටම හෙණයක් වෙලා ඉන්නවා. මිනිහෙක්ට ඔලුව උස්සලා ඉන්න නොදී.... කාර්යාලයේ ඉන්නෙත් සතියට දවස් දෙකයි. මෙහෙම ග්‍රාම සේවකයෝ ඉවත් වෙන එකමයි හොද.
දැන් ඒකට පළි අහිංසක මිනිස්සුද?
තේ වගාවන්ට හානිවූ අයට සහන දෙනවාද දෙනවානම් කවදාද කෙසේද පැහැදිලි කරන්න.
ආධාර් බෙදීම දැන් සිදුවෙන්නේ තනිකරම දේශපාලනයට. සමෘද්ධි නිලධාරීන් කියන්නේ තනිකරම දේශපාලන පත්වීම් වගේම ඒ අය කරන්නෙත් ආණ්ඩුව කියන දේවල්. දැන් වෙන්නේ ජන්දය බලාගෙන ආධාර බෙදන එක. ආධාර නොලැබුනු කිසිත් කරකියාගත් නොහැකි මිනිස්සු දහස් ගණනක් ඉන්නවා.
ගරු ජනාධිපතිතුමනි, මේ ගැන ක්‍රියා මාර්ගයක් ගන්න. රටේ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න.
දෙයියන්ට පෙනීයන්, කොරෝනා අස්සේ ආණ්ඩුවේ සල්ලි වලින් පොහොට්ටුවන්ට අල්ලස් දෙනවා. මුන් කොරෝනා උඩින් දේශපාලනය කරනවා. රට විනාසයි.
අනේ බැසිල්ගේ ආධාර බෙදිල්ල. අපේ පැත්තේ එක්කෙනෙකුට රු.10,000 ක් ලැබුනා. අපිට හුලන්. අරමුදලක් කියල එකක් හදාගෙන, පොහොට්ටුවේ අයට විතරයි බෙදන්නේ...
ඕක සම්පූර්ණ බොරු .... ග්‍රාමසේවක තනියම list හැදුවම අතපසුවීම් විය හැකි බැවින් ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී. කෘෂිකර්ම පරීක්ෂණ සහකාර නිලධාරී, පවුල් සෞඛ්‍ය නිලධාරී යන නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් මඟින් තමයි මුලින් තේරීම් කටයුතු සිදුකලේ.. පසුව ජනතාවගේ ඉල්ලීම මත පෙර පාසල් ගුරුවරු, ත්‍රීරෝද රථ රියදුරු, බස් රියදුරු, කොන්දොස්තර, නඩත්තු ලබන අය, කුඩා තේවතු හිමියන් හා ආදායම් අහිමි සියලු දෙනා වෙත මෙම දීමනාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස්කකිරීමට අයදුම්පතක් පුරවා තොරතුරු ලබාගැනීමට උපදෙස් දෙන ලදී මෙහිදී නිලධාරීන් ගේ අහිමතය මත නොව අදාළ නිර්නායකයන් සපුරන සියලු දෙනාට කිසිදු දේශපාලන බලපෑමක් නොමැතිව ආධාර මුදල් ලබාගත හැක. මෙවන් විනිවිද භාවයෙන් යුත් ක්‍රමවේදයකට ග්‍රාම නිලධාරීවරුන් විරුද්ධ වීමට හේතුව ගැටලුවකි...
කරුණාකරලා දේශපාලනය මෙ සදහා ගාවගන්න එපා. හැමෝටම දෙන්න. බඩගින්න කාටත් එකයි.