( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශලා එහි නිෂ්පාදන කටයුතු යළි ක්‍රමානුකූලව ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් නිකුත් කර ඇති ආරක්ෂිත ක්‍රමවේද හා මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මඟපෙන්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සිදුකෙරේ.
ඒ අනුව කර්මාන්ත ශාලා පවත්වාගෙන යෑමට අවශ්‍ය ඇඳිරී නීති බලපත්‍ර ලබාගැනීම සඳහා [email protected] විද්‍යුත් ලිපිනයෙන් ඉල්ලුම් කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා ඉල්ලා සිටි.
ක්‍රමානුකූලව ආර්ථිකය විවෘත කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවීමත් සමඟ ඊට ශක්තියක් ලබාදෙමින් ආයෝජන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ශාලාවල නිෂ්පාදන කටයුතු පටන් ගැනීම මෙහි අරමුණ බව මොහොට්ටාල මහතා වැඩිදුටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලදී සුළු සේවක සංඛ්‍යාවක් පමණක් එක්ක ආරම්බ කලානම් හරි , සියලුදෙනාටම මුක ආවරණ පැලදීම අනිවාර්යය කරන්න. ඒවගේම සෑම සෙක්ෂන් එකකම අත්දෙක පිරිසිදු කිරීමට දෙයක් ඇතුලුවෙන පිට වෙන ස්ථාන වල තිබීමත් අනිවාර්ය කලයුතුයි.
සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය මුකවාඩම්, ආරක්ෂක ඇදුම්, බෙහෙත්, ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ෆැක්ටරි හැර අනිත් ඒවා විවුර්ත කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව මේ ෆැක්ටරි වල ලංකාවේ විවිධ පළාත්වල ජනතාව එකට වැඩ කරනවා. එක්කෙනෙකුට බෝ වුනොත් මුළු රටම නැවත ලෝක ඩවුන් කරන්න සිදු වෙන්න පුළුවන්... අනිත් කාරණය ඇඟලුම් වැනි නිෂ්පාදන මිලදී ගන්න යුරෝපය , ඇමරිකාවේ වෙළද පළවල් ඇහිරිලා....
රජය හදන්නේ චන්දය තියන්න මැතිවරණ කොමසාරිස් ගේ පිටින් දාලා. නමුත් රජය නියෝජනය කරන ස්වාමින්වහන්සේලා රටට පෙන්නනවා විපක්ෂයට තමා චන්දය අවශ්‍ය බව. රටේ ජනතාව මේ අවස්ථාවේ ඉතා බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතුය. මැතිවරණ කොමසාරිස්තුමා ජනාධිපතිවරණයෙන් පසුව කළ ප්රකාශයේදී රටේ විද්‍යුත් මාධ්‍ය ගැන කළ ප්‍රකාශය ඉතා වැදගත්.
ලස්සනට පාලනය කරන් ඇවිල්ල චන්දෙ නිසා කෙලවගන්න යන්නේ....
රෝගය පැතිරීම පාලනය කරන තෙක් සේවකයන් එක්රොක් කිරීම අනතුරුදායක විය හැක. යුරෝපය, ඇමෙරිකාව කරගන්නවද? වලක්වාගන්නවද? බඩවියත රැකගන්න අප ජිවත් විය යුතුය...