(විනීතා එම් ගමගේ)
නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප‍්‍රදේශයේ පිහිටි අක්කර 34 ක ඉඩමක් ගොවිතැන් සදහා ලබා දීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරමින් නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම ලබා දී ඇති බව එම අධිකාරියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එම ප‍්‍රදේශයේ ගොවි ජනතාවට ප‍්‍රධාන ගැටලූවක්ව පවතින ඇල මාර්ග කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීමටත් එම අධිකාරිය පියවර ගන්නා බව ද හෙතෙම සදහන් කළේය.
ඉදිරියේ දී නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් මෙසේ ගොවිතැන් සදහා දීමට අධිකාරිය සැලසුම් කරමින් සිටින බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නේ කාටද? කොහොමද ගණුදෙනුව වෙන්නේ? විනිවිද භාවයක් තියනවාද? ඔය විදියටම නොවේද දුම්රිය දෙපාර්තුමේන්තුව සතු භුමි ප්‍රමාණයත් කොල්ල කාගත්තේ? අනිකුත් රාජ්‍ය දේපල? දැනට තියෙන්නේ භාරකාර ආණ්ඩුවක් නේද? කල දුටු කල වල ඉහගත්තාවේ.?