නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම ලන්ඩන් විහාරයේ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සිය රාජකාරි ආරම්භ කිරීමෙන් පසු ලන්ඩන් නුවර බෞද්ධ විහාරස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. 21 November 2023
ත්‍රිපෝෂ ගැන කැබිනට් තීරණයක් මාස හයේ සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා වන ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 November 2023
සා.පෙළ ප්‍රතිඵල අද හෙටම අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි දින කිහිපයේදී නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ අද (21) පැවසීය. 21 November 2023
ලාංකිකයන්ට ඊශ්‍රායලයේ රැකියාවලට යන්න දොරක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායෙල් රාජ්‍යය නිශ්චිත ශ්‍රම වෙළෙඳපොළ අංශවල තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ඊශ්‍රායල් රජය සමඟ ගිවිසුමකට එළඹීමටත් ඒ සඳහා දෙපාර්ශවය අතර මූල ලේඛනයකට අත්සන් තැබීමට 2020.2.5 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයි රජය පවසයි . 21 November 2023
ප්‍රමෝද්‍ය ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට ප්‍රකාශයක් දෙයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට අද (21) පෙරවරුවේ පැමිණි බවත් ඒ මහතාගෙන් මේ වන විට ප්‍රකාශය සටහන්කරගනිමින් සිටින බවත් එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 21 November 2023
ලංකා-ඉන්දියා පුවත්පත් මණ්ඩල අලුත් ගිවිසුමක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියා පුවත්පත් මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 21 November 2023
මල්ලී මරන්න අයියා කොන්ත්‍රාත්තුවක් දීලා රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි. 21 November 2023
විද්‍යුත් මාධ්‍ය සඳහා නියාමන කොමිසමක් විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වා දීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 21 November 2023
ශෙහාන්ගෙන් සජිත්ට චෝදනා රැසක් විපක්ෂනායකවරයා අද මේ සභාව භාවිත කරන්නේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් නොව ජනප්‍රිය දේශපාලන කාරණා වෙනුවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 November 2023
විදුලිබල පනතට කැබිනට් අනුමැතිය ලංකා විදුලිබල පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 21 November 2023
’’මං එකෙකුටවත් බය නෑ’ තමා එකෙකුටවත් බය නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 November 2023
උණුසුමෙන් විනාඩි 40කට පසු පාර්ලිමේන්තුව රැස් වෙයි සභා ගර්භයේ කටයුතු විද්‍යුත් උපකරණ භාවිතා කරමින් කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්‍ය වලට නිකුත් කිරීම නො නොකළ යුතු බවද මීට පසුව එවැනි දේ කළොත් ඔවුන්ට විරුද්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව යළි ඇරඹීමෙන් පසු පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 21 November 2023
ලෝක කුසලානය අහිමි වීමේ සොව දරාගන්න බැරිව මැරිලා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට, ලෝක කුසලානය අහිමි වීමේ ශෝකය දරා ගත නොහැකිව ඉන්දීය තරුණයකු හෘදයාබාධයකින් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 21 November 2023
යුද්ධය නවත්වන්න ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බවත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියේ පවසයි. 21 November 2023
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් යුක්රේනයේ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, කියා සිටියේ බයිඩන් පරිපාලනය තවත් ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක යුද ආධාර යුක්රේනයට ලබා දීමට තීරණය කළ බවය. 21 November 2023
කපිල් දේව් කනස්සල්ලෙන් ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය නැරැඹීමට තමන්ට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන්, ඉන්දීයාවේ හිටපු ක්‍රිකට් නායක කපිල් දේව් කනස්සල්ල පළ කර ඇත. 21 November 2023
’’මගේ ප්රශ්නය උදුර ගත්තා’’ තමා ඉදිරිපත් කරමින් තිබූ 27/2 ප්රශ්නයේ උදුරා ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. 21 November 2023
පාර්ලිමේන්තුව නොසන්සුන්: විනාඩි 5කට කල් තබයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 ප්රශ්නය අසන අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා සභාව විනාඩි පහකට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 21 November 2023
කුළු හරකාගේ කුලප්පුවෙන් අයෙක් රෝහලට කඳපොල, හයිෆොරස්ට් නගරයට කඩා වැදුණු කුළු මී හරකෙකු වෙළෙඳසැලක් අසල සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට ඇනීමෙන් බරපතල තුවාල ලැබූ ඒම පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි හයිෆොරස්ට් පොලීසිය පවසයි. 21 November 2023
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්දය අද අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ දී අද පස්වරු 6 ට පැවැත්වේ. 21 November 2023
හම්බන්තොටටත් පොල් ත්‍රිකෝණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. 21 November 2023
දඩ කොළයක් නොදෙන්න පෙට්‍රල් බලෙන් ගත් එස්.අයි ට සැරයන්ට වැඩ වරදි ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත් දළ යුගල ඒක අනුරුවක් තබා තිබීම වරදක් බව කියාරියදුරු බලපත්‍රය ලබාගෙනඑම වරදට දඩකොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීම සඳහා ත්‍රීරෝද රථයෙන් පෙට්‍රල් ලීටරයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂක වරයා සහ පොලිස් සැරයන්වරයා මාවතගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 21 November 2023
වික්ටෝරියාව ඔටෝ ඇරේ කදුකරයට නොකඩවා ඇද හැළුණු අධික වර්ෂාවත් සමග වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව ඉක්ම යාමත් සමග ජලාශයේ වාන් දොරටු දෙකක් ස්වයංකීුයව විවෘත වූ බව වික්ටෝරියා වෙිල්ලේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතා පවසයි. 21 November 2023
ගල් අඟුරු ගේන්න අය කළ බද්දෙන් සියයට 70 නිලධාරීන් බෙදාගෙන නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය. 21 November 2023
වැස්ස දිගටම පවතින හැඩ දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 November 2023
ජපුර කළමනාකරණ පීඨය වසයි සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 November 2023
ක්‍රිකට් ආයතනය ක්‍රීඩා ඇමතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කළ ද්වේශසහගත සහ පදනම් විරහිත චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් අන්ත්ජාතික ක්‍රිකට් සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ඉල්ලීමක් කළේ යැයි කළ චෝදනාව ද තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 November 2023
බාල බෙහෙත් සිද්ධියට වෛද්‍ය සැපයුම් අධ්යක්ෂ ඇතුළු හතරක් රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ ඇතුළු සිව්දෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය. 20 November 2023
තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාටිටුවට පස් කන්දක් කඩා වැටෙයි මධ්‍යම පලාත් සෙෘඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගි්ල්ලට කඩා වැටීම නිසා රෝහල් වාටිටුවෙි නේවාසිකව පුතිකාර ලබමින් සිටි ගැබිණි මවුවරුන් විසිදෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය. 20 November 2023
උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ හා දියතලාව දූම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට අද (20) රාත්‍රි 7.00 ට පමණ විශාල ගල් පර්වතයක් පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 20 November 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026