(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් හැට දහසක කොන්ත්‍රාත්තුවක් දී පුද්ගලයින් දෙදෙනෙකු කපා කොටා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පිය පුතු දෙපලක් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොමාගම හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි (64 සහ 21) හැවිරිදි පිය පුතු දෙපලක බව පොලීසිය කියයි.
ප්‍රධාන සැකකරුගේ මාපියන්ගෙන් උරුම වූ දේපලක් සමසේ බෙදී නොයාම සම්බන්ධයෙන් කලක සිට සහෝදරයින් දෙදෙනෙකු අතර ආරවුලක් හටගෙන තිබූ අතර දෙදෙනා අතර අවස්ථා කිහිපයකදී බහින්බස් වීම් ද හටගෙන තිබේ.
මේ අතර බාල සහෝදරයා හෝමාගම හිරිපිටිය ප්‍රදේශයේ පාසල් උපකරණ අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන අතර ඔහු එහි රැඳී සිටියදී පුද්ගලයින් තිදෙනකු ත්‍රී රෝද රථයකින් පැමිණ එහි සිටි එක් පුද්ගලයෙකු වෙළඳසැල තුළට විත් ඔහු අත තිබූ තියුණු ආයුධයකින් වෙළඳ සැලේ හිමිකරුට පහර දී තිබේ.
එම අවස්ථාවේදී තියුණු ආයුධ ප්‍රහාරය වැළැක්වීම සදහා අසල සිටි පුද්ගලයකු මැදිහත් වූ අවස්ථාවේ ඔහුට ද තියුණු ආයුධය අත තිබූ පුද්ගලයා පහරදී පලාගොස් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd