(අංජුල මහික වීරරත්න)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව රන්න, වීරකැටිය හා වලස්මුල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව පොල් ත්‍රිකෝණය ස්ථාපිත කෙරෙයි .
ඒ අනුව ගොවීන්ට ගෙවතුවල රෝපණය සඳහා එක් නිවසකට පැල 5ක් බැගින් ලබා දීමට කටයුතු යොදා ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
දෛනික සමස්ත පොල් පරිභෝජනය ගෙඩි මිලියන 4.5ක් පමණ වුවද, දෛනික පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 3ක් පමණ වේ.
මේ නිසා ඉඩකඩ ඇති සෑම ගෙවත්තකම වගා කිරීම සඳහා ජනතාව පෙළඹවීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් වවන්නෙ කොහොමද සමහරක් නිකම්මු රාත්‍රියේ ඇවිල්ලා හෝ ගෙදර කිසිවකු නැත්නම් උන්ගෙ වගේ කඩාගෙන යනවා සමහරක් කාළකණ්නියෝ හොරුන්ට කියනවා මට පොල් ටිකක් ගෙනවිත් දෙන්න කියලා .මෙහෙම හොරුන්ට උන්ගෙ පවුලේ නෑදෑ මිත්‍රයෝ පුළුවන් තරම් උදව් කරනවා මට අහන්න ලැබුණු සත්‍යම දෙයක් මේක .දවසක් මම කියන හොරා අයිතිකරුට හසුවුනා පොල්ටික අරගෙන පලවා හැරියා මාස කීපයකට පස්සෙ හොරාගෙ නෑයෙක් රත්‍රියේ ඇවිත් අර පොල් ගස් හිමියගෙ ගේට්ටුවට යකඩයකින් ගසා ගේට්ටුව කැඩුවා හේතුවක් හැටියට කියලා තිබුනෙ බඩේ පහර වැදුණු කෙනෙක් ඕක කරන්න ඇති කියලා තවත් කියලා තිබෙන ඔය තහඩුව වගේද මිනිහෙක්ගෙ බඩගින්න කියලා ඒ නිසා ඔවැනි වගාවක් කරන කොට හොරුන්ට දඩුවම් දෙන්න ක්‍රමයක් හදන්න ඕන නැත්නම් සාර්ථක නොවෙන්න පුළුවන්
යකෝ වලස්මුල්ල, වීරකැටිය, රන්න තියෙන්නේ සරල රේඛාවකනේ
උත්සාහ කලොත් සරල රේඛාව සමාන කොටස් තුනකට බෙදල නැමුවම සමකෝණී ත්‍රිකෝනයක් හදාගන්න ඔය ඇමතිට පුළුවන් ඇති ඒකනේ එහෙම කියන්න ඇත්තෙ