(යොහාන් භාසුර)

සිසුන් හයකගේ පන්ති තහනම් කිරීමේ සිද්ධියකට එල්ල වූ සිසු විරෝධය හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

විනය හේතූන් මත එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පංති තහනම් කර ඇති බවත් එම තීරණයෙන් අනතුරුව උපකුලපතිවරයාගේ කාර්යාලය අසළට පැමිණ විශාල සිසුන් පිරිසක් කළ බලපෑමක් හේතුවෙන් කළමනාකරණ පීඨය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවත් එම නිලධරියා වැඩි දුරටත් සඳහන් කළේය.

අදාල සිසුන් පිරිස උපකුලපතිවරයාගේ කාර්යාලය අසළ කළහකාරීව හැසිරී ඇති බව ද වාර්තා වේ.