
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ත්‍රිරෝද රථයක ඉදිරිපස බුදු පිළිමයක් සහ ඇත් දළ යුගල ඒක අනුරුවක් තබා තිබීම වරදක් බව කියාරියදුරු බලපත්‍රය ලබාගෙනඑම වරදට දඩකොලයක් නිකුත් කිරීමෙන් වැළකී සිටීම සඳහා ත්‍රීරෝද රථයෙන් පෙට්‍රල් ලීටරයක් බලහත්කාරයෙන් ලබාගත් බව කියන උප පොලිස් පරීක්ෂක වරයා සහ පොලිස් සැරයන්වරයා මාවතගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ඉඟුරුවත්ත පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ වෙලගෙදර පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකුබව පොලීසිය කියයි.
මෙම සිද්ධියට මුහුණ පෑ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියදුරා මුහුණු පොතේපළ කර තිබූ තොරතුරක් දුටු වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවසන්ත කිත්සිරි ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත පරීක්ෂණයක් පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ බහුබූත කතාව? මුල් ප්‍රවුත්තියේ කියවුනේ වෑන් රථයේ ඉස්සරහ බුදුපිළිමයක් තියාගෙන ගිය වගයි. දැන් කියනවා ත්‍රීවිල් එකේ ඉස්සරහ බුදුපිළිමයක් තියාගෙන ගිය නිසා පැට්‍රොල් දඩයක් ගැසුවා කියලා. දැන් ඇත්තටම මෙහෙම දෙයක් උනාද කියලයි අපට තිබෙන ප්‍රශ්නය?
ඔය කුරුණෑගල පොලිසියේ එවුන් ඔහොම්මමයි,පිටපලාතක වාහන තමයි හොයහොය නවත්වන්නෙ,වැරදි අවශ්‍ය නෑ.වැඩි හරියක් සවස් කාලයට තමයි.එතකොට තැපැල් කන්තෝරුත් වහලනෙ.
හිඟන්නෝ...!