
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18 කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට හැත්තෑවක් නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇතැයි මෙහිදී සඳහන් විය.
මේ සම්බන්ධයෙන් කමිටුව කරුණු විමසූ අවස්ථාවේදී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු නොයෙදීම පිළිබඳවද කෝපා කමිටුවේදී සාකච්ඡා කෙරිණ.
ඇතැම් රහසිගත මෙහෙයුම් කිරීමේදී සහ ප්‍රායෝගික තත්වයන්හිදී ඇඟිලි සටහන් යෙදීමේ අපහසු තත්වයක් පවතින බව රේගු නිලධාරීහු පැවසූහ.
ශ්‍රී ලංකා රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරිණ.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මේ අතර නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසු දේශීය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් එම ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳව කෝපා කමිටුව කමිටුවේ අවධානය යොමුවිය.
එම පෞද්ගලික ආයතනය ඇමරිකානු ඩොලර් 5139621 ක් ලෙස මුදල් ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇමරිකානු ඩොලර් 6350364 ක් ලෙස වටිනාකම දක්වා ඇමරිකානු ඩොලර් 1210743 ක් අදාල ආයතනයට වැඩිපුර ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබු බව කෝපා කමිටුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං අපේ බදු සල්ලි නාස්ති කරනව විතරයි. කවද්ද වරදට දඩුවමක් දුන්නෙ?
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි.
රේගුව කියන්නේ ලංකාවේ අංක එකේ හොර ගුහාවක් . රෙගු නිලධාරීන්ට වැඩි වැසි ලැබෙන්නේ පගාවෙන්ද නැත්නම් බද්දෙන්ද , අන්න ඒ ක්‍රමයට තමයි රේගුවේ වැඩ . හොඳ මහත්වරුත් නැතුවාම නොවෙයි . පරිගණක තාක්ෂනය හා අධීක්ෂණය හැකි උපරිමයෙන් යොදාගෙන මේ හොර ගුහාව නිසා රජයට අහිමිවන බදු ආදායම බින්දුවට බැස්සවීමට පාලකයින්ට කොන්දක් තිබිය යුතුයි . හැමෝම බනින්නේ දේශපාලකයින්ට නමුත් මෙන්න මේවගේ හොරු දේශපාලකයින්ට වඩා රටට හෙන ගෙනෙනවා .
දේශපාලුවන් වගෙම නිලදාරිනුත් හවුලෙ කාලා නැතිකල රටක් මෙක !
මේවගෙන් වුන පාඩු නේ ද අපි දැන් බදු විදිහට ගෙවන්නෙ?
මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
මේක ඇත්ත කතාවක්. රජයට ලැබිය යුතු අමතර බදු සහ ණය අයකර ගැනීම වෙනුවට රේගු නිලධාරීන් නියමිත මුදලට වඩා වැඩි මුදලක් පනවා දඩයක් ලෙස අයකර ගන්නා ලදී. ඉන්පසු ඔවුන් ත්‍යාග වශයෙන් ඔවුන් අතරේ මුළු මුදලින් අඩක් බෙදා දුන්හ. ත්‍යාගය යනු නීත්‍යානුකූල මුදල් වන අතර උපයන කළු සල්ලි සුදු හෝදන්නටද ඔවුන්ට හැකිය. අපිරිසිදුම දෙය නම්, මෙම මුදල දඩයක් ලෙස ඇණවුම් කළ නිලධාරියා COPA කමිටුවට ඉතා දිගු ඉදිරිපත් කිරීමක් කළ එකම පුද්ගලයාය. අවසාන බර ලංවිමේ වියදමට ගිය අතර පසුව සාමාන්‍ය ජනතාවටය. රගුනාදන් මන්ත්‍රීවරයා හැර මේ ප්රශ්නය ගැන අවම අවබෝධයක් නැති කමිටු සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙන් කෝපා රැස්වීමට පැමිණි මුළු රේගු මහත්වරුම හොඳට කෙටුම්පත් කළ නාට්‍යයක් රඟපෑහ.
නුවර එළියේ තැපැල් කාර්යාල ඇතුළු රටේ සම්පත් ටික විකුනන්නම වැලිකන අර පිනට මෙන්න මේ ප්‍රහසන ගැන හොයන්න මොලයක් නෑ .මේ වගේ කාලකන්නි එක්ක මේ රට තවත් පහලට යනවා විතරයි
අපි නොදන්නා රේගුවේ රහස් මෙහෙයුම්
හිඟන්නන්...!