ඇඳුම් හොරාට ගම්මුන්ගෙන් රජ කෑමක් නිවෙසකට ඇතුළු වී කාන්තා ඇඳුම් කීපයක් රැගෙන ගිය පුද්ගලයකුට ගම්වැසියන් අපූරු දඬුවමක් ලබාදී ඇති පුවතක් ගැන දකුණු පළාතේ බත් දුන් ගමකින් පසුගියදා වාර්තා විය. 26 September 2025
වැට මායිම් අල්ලන්න ගිහින් රෙදි ගලෝගෙන අසල්වැසියාගේ හිත නොතලා රණ්ඩු සරුවල් නොවී ඇවිදින වැට මායිම බේරා ගැනීමට අපූරු උපායක් යෙදූ ගැමියකු පිළිබඳ කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. අසල්වැසියා කුණු මැහියෙකි. බිම් ඌරෙකි. ඔහුගේ වැඩේම යාබද ඉඩම අල්ලා ගැනීමය. අඟලෙන් අඟල යාබද ඉඩම අල්ලා ගැනීමේ මෙහෙයුම ඔහු දියත් කළේ කාලයක සිටමය. ඔහු ඒ සඳහා ඇවිදින වැටක් යොදා ගත්තේය. 25 September 2025
බසයේ වලිය අස්සේ කතගේ බොරු කොණ්ඩය ගැලවිලා ගමන් ගත් මගී ප්‍රවාහන බස් රථයේ කොන්දොස්තර මහතා ඉතුරු මුදල් නොදුන්නාට කේන්ති ගෙන කොන්දොස්තර මහතාටත් බැණ අසල සිටී කාන්තාවකගේ බොරු කොණ්ඩයත් ගලවාගෙනම බස් රථයෙන් බැසගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් ගම්පහට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 24 September 2025
රොටී හදන්න සබන් කුඩු අනලා තමාට රසවත් විදිහට රොටි සෑදීමට හැකි බව පෙන්වීමටත් භාර්යාවට සුළු විවේකයක් දීමටත් රැයක යෙදූ උපාය වැරදී, පැරදී භාර්යාව ඉදිරියේ රෙදි ගලවාගත් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 23 September 2025
පදමට ගහලා යාළුවන්ගේ කරපිටින් මධුසමයට ගිහින් සිය විවාහ මංගල්‍යයදා අනුන්ගේ කරමතින් මධුසමය කරා ගිය මනාලයකු පිළිබඳ කතාවක් ගාලු පුරයෙන් අසන්නට ලැබේ. යෝජිත විවාහයකි. මනාලයා දකුණේය. මනාලිය උතුරේය. මනාලයා පිට රට රැකියාව සඳහා නිවාඩුවට ලංකාවට ආවේ ඊයේ පෙරේදාය. ඔහු එසේ රටට එන විටම මවුපියෝ කල වයස හරි සිය පුතුට මංගලයක් සූදානම් කොට තිබුණි. 20 September 2025
දොස්තරගේ ෆොන් එක මාරු වී ජංජාලයයි දොස්තරගේ ස්මාර්ට් ජංගම දුරකතනය රෝගියාට මාරු වී ගිය පුවතක් වයඹ පළාතේ රෝහලකින් අසන්නට ලැබුණි. රෝගියා රාජ්‍ය ආයතනයක සේවය කොට විශ්‍රාමික සුවයෙන් පසුවෙන අයෙකි. දරුවන් ද ඉහළ තනතුරුවල නියැළෙන නිසා ඔවුහු තම පියාට පණ මෙන් සැලකූහ. 20 September 2025
බිරිය හරස් වෙලා ගොවියාගේ කෙම බකල් වගාවකට වැලඳී ඇති කෘමි උවදුරක් මැඩලීම සඳහා අතීත කෙම් ක්‍රමයක් භාවිත කිරීමට නොපෑගුන තැනකින් කතා නොකර වැලි බාල්දියක් රැගෙන එමින් සිටි ගොවි මහතකුට අතර මගදී හමුවූ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු හා බිරිය නිසා එම වැඩේ එදින අත්හැර දැමීමට සිදුවූ පුවතක් කරුවලගස්වැවට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 20 September 2025
බීලා වැඩිවෙලා බොරු දත් කුට්ටම මගුල් ගෙදර දාලා මංගල උත්සවයකට සහභාගී වී නිවසට පැමිණි පුද්ගලයකු, ඔහුගේ බොරු දත් කුට්ටම සොයා පසුදින මෙහෙයුමක් සිදුකළ පුවතක් පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. 20 September 2025
හයි පාට් පෙන්වන්න ගිහින් හුළං බැහැලා ආයතනයේ හිමිකරු තමාගේ ඥාතියකු යැයි කියමින් නිලධාරීන්ට හා සේවකයින්ට හයි පාට් පෙන්වමින් සිටි පොරකට හදිසියේම ඉහළ නිලයක් හිමිවී පුටුවේ වාඩිවූ පළමු දිනයේම සේවකයින් අතර නෝන්ඩි වී ගිය පුවතක් ගැන දකුණු පළාතේ නගරයකින් පසුගියදා අසන්නට ලැබුණි. මෙය පොල් කර්මාන්තය ආශ්රිත වැඩ බිමකි. එහි නිලධාරීන් ඇතුළු සේවක පිරිස 60දෙනෙක් පමණ වෙති. ප්‍රදේශයේ පදිංචිකරුවන් මෙන්ම වෙන පළාත්වල අයද එහි සේවය කරති. 20 September 2025
කේක් ගෙඩිය බල්ලො කාලා පියාට මළ පැනලා උපන් දිනය සැමරීම සඳහා ගෙන්වන ලද කේක් පාර්සලය බල්ලන් කෑම හේතුවෙන් උපන් දින සැමරුම කේක් ගෙඩිය පොළොවේ ගැසීමෙන් අවසන් වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. සිද්ධිය කෙටියෙන් මෙසේය. 20 September 2025
“සප්‍රයිස්“ කරන්න ගිහින් බලු තඩියෙක් කාලා නෝනයි දරුවනුයි පුදුම කරවන්න නොකියාම රට ඉඳන් ආ අයකුට පුදුම වෙන්න සිදුවූ අපූරු පුවතක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 19 September 2025
උකස් බඩුවට අහු වී යකෙක් වෙලා උකසට ගෙන නියමිත කාලයේ දී බේරා නොගැනීම නිසා සින්න වූ රූපවාහිනී යන්ත්‍රයක් වෙනත් අයකුට අලෙවි කිරීමට පෙර එය කාර්මිකයකු ලවා සිදුකළ පරීක්ෂාවකින් පසුව යක්ෂාවේෂ වූ බව කියන එහි නව හිමිකරු එය තමන්ට උකස්කළ පුද්ගලයා සොයා ගොස් ඔහු ඉදිරිපිටදීම අදාළ රූපවාහිනි යන්ත්‍රය කෑලි කෑලිවලට කුඩුපට්ටම් වනසේ පොළොවේ ගසා ආපසු පැමිණි පුවතක් උතුරුමැද පළාතේ ගොවි ජනපදයකින් පසුගියදා අසන්නට ලැබුණි. 18 September 2025
ඉත්තෑවා වලසකු වෙලා ගමම කුලප්පු වෙලා තම නිවෙසේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවේ වලසකු සැරිසරන දර්ශන දැක ඇති පුද්ගලයකු එහි පින්තූර නිවැසියන්ට හා අසල්වැසියන්ට පෙන්වීමෙන් මුළු ගමක්ම කුලප්පු වී ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 17 September 2025
මුද්ද සොයන්න කුණුවළම “රයිසියෙන්” හලලා ගෙමිදුලේ නැතිවූ කාන්තා මංගල මුදුවක් සොයා මුළු කසළ වළක් වැලි හලන රයිසියකට දමා මංගල මුදුව සෙවූ තරුණ අඹුසැමියන් පිළිබඳ පුවතක් වයඹ පළාතේ උතුරු කොනේ ගම්මානයකින් පසුගිය දිනක අසන්නට ලැබුණි. 16 September 2025
කජු ලෙලි පිටින් කාලා ඇය පුහුලන් කජු වැවෙන ප්‍රදේශයක ජීවත් වන තැනැත්තියකි. ඇගේ මිතුරියක් දුර බැහැර ප්‍රදේශයක ජීවත් වෙයි. කජු පුහුලන් හට ගන්නා සමයේ තම මිතුරිය බලන්න යන්න ඇයට සිතිනි. ඒ අනුව ඉදුණු පුහුලන් සහ කජු ඇට ටිකක් බෑගයකට දමා ගෙන ඇය මිතුරිය බලන්නට ගියාය. 15 September 2025
“ගංගා“ හීනෙන් පෙනී බිරිඳගෙන් ගුටි කාලා හීනෙන් ගංගාවක් ගැන දොඩවා මහ රෑ අඹුවගෙන් ගුටි කා නිවසින් යාමට සිදුවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 13 September 2025
අමුතු තාලේ කෙහෙල් කැපිල්ලක් කෙසෙල් ගස කපා එහි කැන කපාගැනීම සාමාන්‍ය සිරිත වුවත් සොරකු විසින් ගස තිබියදී කැන කපාගෙන ගොස් ඇති පුවතක් ගැන පසුගියදා දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් තොරතුරු වාර්තා විය. 12 September 2025
බිරිඳගේ බෝතලයෙන් කූඩුවේ ලගින්න වෙලා.... අරාබි රටක රැකියාවක නියුතුව සිට පැමිණි බිරිඳ විසින් රැගෙනවිත් තිබුණු රට අරක්කු බෝතලයක් මහ රෑ පානය කර වෙරි පෙන්නූ පුද්ගලයකුට සිදුවූ අලකලංචියක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. වාර්තා වූ ආකාරයට සිද්ධිය සැකෙවින් මෙසේය. 11 September 2025
පැකට්ටුව පිච්චී දෙලෝ රත්වෙලා ගෙහිමි කතගේ මහ පාර පිසදැමීමෙන් කොල්ලන් දෙදෙනකු පිස්සු වැටුණු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. හද්දා පිටිසර ගමකි. මත්ද්‍රව්‍ය මේ ගම ගිල ගැනීමට සැරසෙමින් සිටියේ ඊයේ පෙරේදා සිටය. ගමේ කොල්ලන් එකෙක් දෙන්නකු හැර අනෙක් කොල්ලෝ තවමත් ශුද්ධ වන්තයෝ වූහ. ගමේ වැඩිහිටියන්ගෙන් බොහෝමයක් අනුන්ගැන සිතනා අයද වූහ. බොහෝ අය සත් කාර්යන්වල නිරතවූහ. 10 September 2025
ණය හිලව්වට කෑම බීම අඩුකරලා විවාහ මංගල්‍යයට ගත්තු ණය පඩියෙන් වැඩි කොටසක් බැංකුවට අයකර ගැනීම හේතුවෙන් කෑමට බීමට අවශ්‍ය බඩු මුට්ටු රාජ්‍ය සේවයේ නියුතු සැමියා රැගෙන එන්නේ නැතැයි පවසා ආපසු මව්පියන් ළඟට ගොස් ඇතැයි කියන අපූරු මනාලියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය. 09 September 2025
මාමණ්ඩිට හොල්මන් පෙන්නා ලේලියට වැඩ වැරැදිලා වයස්ගත මාමණ්ඩිය නිවෙසින් එළවන්න ගිය ලේලියකට නිවෙසින් යන්න සිදු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් අසන්න ලැබේ. මහගෙදරය. සිටියේ පවුලේ බාලයා සහ ඔහුගේ භාර්යාව සහ ඔවුන් දෙදෙනාගේ එකම පිරිමි දරුවාය. මහගෙදර ඔවුනට ඉන්න හිටින්න ලැබුණේ පියා බලාගැනීමේ පොරොන්දුව මතය. බඩපිස්සා පියා හොඳින් බලාගත්තේය. ඔහුව අනුගමනය කරමින් ඔහුගේ භාර්යාව ද මාමණ්ඩියට කිසිදු අඩුවක් නැතිව සැලකුවේය. 08 September 2025
පෙම්වතියයි සිතා කළුවරේ ආච්චිගේ අත ගාලා පෙරහර බලන්න ගිය පෙම්වතකුට සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව පුවතක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ. ඔහු ගමේම තරුණියක හා පෙමින් බැඳුණේය. ඒ මේ ඊයේ පෙරේදාය. කාටත් හොර රහසේය. මේ ප්‍රේම සම්බන්ධය දන්නේ කිහිපදෙනකු පමණි. තරුණයාගේ කිට්ටුම සමීපතමයන් පමණි. දුරකථන කෙටි පණිවිඩ කිහිපයක් පමණක් හුවමාරු වුණත් දෙන්නා එකට හමුවී කතා කර ඇති අවස්ථා නොමැති තරම්ය. ඒ නිසා දෙන්නාම සිටියේ එකට හමුවන දිනයක් එන තුරු ඇඟිලි ගැණ ගැණ ය. 06 September 2025
අනියම් පෙමේ උපාය එළීයට පැන ගෙටම කොටු දෑවැද්දට කරගහගත්ත බිරිඳගේ අවලස්සන නිසා ඇතිවූ අසීරුතාව මගහරවා ගැනීමට තමාට රූප රාජනියක් වැනි අනියම් බිරිඳක් සිටී යයි පෙන්වීමට යෙදු උපක්‍රමය ඔහුගේ අතින්ම හෙළිවී නිවසින් එළියට බැසීමට නොහැකිවූ අයකු පිළිබඳ කතාවක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ. ඔහු පවුලේ එකා ය. එකා යකා නොවුණු ඔහුට ලොකු බූදලයක් හිමිවූවේ දෙමාපිය උරුමයෙනි. දෙමාපියන් මෙන්ම ඔහු දේපළවලට ආශා කළේය. ඒ නිසාම ඔහු සහේට ගත්තේද ලොකු දෑවැද්දක් සමග මනාලියකි. මනාලියගේ රූප ස්වභාවය නොතැකූ ඔහු තැකූවේ දෙන 06 September 2025
මායාවකට තරුණයා ඇන්දිලා අම්පාර නගරයේ සිට තරමක් ඈතින් ඇති උපනගරයක පිහිටි රාජ්‍ය බැංකුවක් අසල බස් මගී ආවරණයක් ඇත. උදෑසන 9-00 ට පමණ එහි වාඩි වී සිටි රූමත් තරුණ කාන්තාවක හඬමින් සිටින අයුරු එතැනින් ගමන් කළ යතුරුපැදියේ සිටි තරුණයකු දැක ඇති අතර ඔහු බැංකුවට ගොස් නැවත ඇය සිටි තැනට ආවේ ඇය කෙරෙහි සහකම්පනයක් ඇතිවී මෙනි. උපකාරයක් කිරීමේ අදහසින් ප්‍රශ්න කිරීමේදී මෙම කාන්තාව යාබද කොලණියක පදිංචිකාරියක බව ඔහුට පැවසුවාය. “ඇයි මොකක්ද ප්‍රශ්නේ ?” කියමින් ඔහු ඇය සමඟ තව දුරටත් කතාවට වැටී 06 September 2025
උදවු නොකලාට රිටන් එක ඇවිත් මිනිස්කම ගිලිහි ගිය අයකු අසරණ වූ අවස්ථාවේදි පිහිට විය හැකි අය අහක බැලූ පුවතක් මාතලේ ඉසව්වෙන් අසන්නට ලැබුණි. ඔහු ගුරුවරයෙකි. මාතලේ ඉසව්වේ පාසලක සේවය කරන අයෙකි. දිනක් ඔහු හදිසියේ කුරුණෑගලට පැමිණියේය. ඒ වෙනත් අවශ්‍යතාවක් සඳහාය. ඔහු එම කාරිය කරගෙන ආපසු යාමට බස් රථයක් එන තුරා කුරුණෑගල - දඹුල්ල පාරේ අතරමඟ රැඳී සිටියේය. බොහෝ වේලාවක් ගතවිය. බස් රථයක් නැත. ඒ අතරවාරයේ කාර් එකක් ආවේය. එය ඔහු අසල නතර කෙරුණි. ‘‘මහත්තයා මාතලේට යන්නේ කොහෙන්ද?” ‘‘ඔයාලා ඉබ්බා 06 September 2025
පියාගේ තුන්මාසේ පින්කම දා මිනීවල ලග මත් සාදයක් දාලා පියාගේ තුන්මාසේ පින්කම ලොකු පුතා මහගෙදර නිවසේ පවත්වන අතරේ බාලපුතා එය තම මිතුරන් පිරිසක් සමග පියාගේ මිනීවළ ළඟ සැමරූ බව කියන පුවතක් වයඹ පළාතේ එක්තරා ගමකින් පසුගිය දා අසන්නට ලැබුණි. මත්වතුර සාදයක්වූ බව කියන එය ශබ්ද පූජාවකින් තොරව රහසිගතව පැවැත්වීමට සංවිධානය කෙරුණ ද අවසානයේ වෙරි සොරිවූ බවත් කියති. මේ පිළිබඳව වැඩිදුරටත් ලද තොරතුරුවලට අනුව දූදරුවන් පිරිසකගේ පියෙකු වූ මියගිය තැනැත්තා කෘෂිකර්මයට සම්බන්ධව සිටි ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි. තුන්මසකට පෙර 06 September 2025
දූරියන් හොරෙන් කඩන්න ඇවිත් කැමරාත් ගලවාගෙන ගිහින් තම ගෙවත්තේ දූරියන් ගසෙහි දූරියන් ආරක්ෂා කිරීම සඳහා යෙදු උපක්‍රමයක් අසාර්ථක වීමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රදේශයකින් ඉකුත් දා වාර්තා විය. මේ දිනවල මහනුවර හා අවට ප්‍රදේශවල දූරියන් සඳහා ඉහළ මිලක් පවතින අතර, ඒ හේතුවෙන් දූරියන් ඇති පුද්ගලයන් ඒවා සතුන් සහ මිනිසුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා විවිධ උපාය මාර්ග යොදා තිබේ. 06 September 2025
කුකුළු මස් හොද්දේ පෙරේතකමෙන් කෑම මේසයම ඌරු කෑම වෙලා ගෙදර කොටහළු මංගල දිනයක දවල් කෑම මේසයේ කුකුළු මස් ව්‍යංජනය ගම්වාසීන්ගෙන් ඉතුරු කර ගැනීමට ගොස් කෑම බොහොමයක් පොළොවට පස් වීමට වැළලීමට සිදු වූ පුවතක් අනුරාධපුරයට නුදුරු ගම්මානයකින් වාර්තා වෙයි. 05 September 2025
බැංකු කාඩ් එකෙන් අනියම් පෙම හබක් වසරකට අධික කාලයක් අසල්වැසි කාන්තාවක සමඟ ඉතා හොර රහසේ පවත්වාගෙන ආ බව කියන සැමියාගේ අනියම් පෙමක් බැංකු කාඩ් පතකින් බිරියට අනාවරණය වූ සිදුවීමක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය. 04 September 2025
පියාගේ සායම හේදී ලේලිගේ කට වැහිලා පියාට නිදා ගැනීමට පැදුරක් දුන්නා යැයි නැන්දම්මාට දොස් පවසා ඇති ලේලියකගේ කට වැහෙන්න උත්තර දී ඇතැයි කියන අපූරු කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. සිද්ධිය සැකෙවින් මෙසේය. 03 September 2025
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026