IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සහන සීනි මලු‍වලින් කසිප්පු පෙරලා


වියලු‍ව වාර්තාකරු



සුළි කුණාටුවෙන් අවතැන්ව සුරක්ෂා මධ්‍යස්ථානයකට ලැබුණු සීනි එකතු කර ගමට ගෙන ගොස් කසිප්පු පෙරා සප්පායම් වූ පිරිසක් ගැන පුවතක් වියලු‍වට නුදුරු ගමකින් වාර්තා වේ. 
නාය යෑම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ ගම්බිම්වල ජනතාව අවතැන් වූහ.
ඉහළින් පිහිටි කඳුයායේ නායයෑමේ අවදානමක් පවතින බැවින් අප මේ කියන ගම්මානයේ පිරිස ද මේවන විට රැඳී සිටින්නේ ප්‍රදේශයේම පාසලක පිහිටවූ සුරක්ෂා කඳවුරකය.
කඳවුරෙන් ආහාරපාන, සෞඛ්‍ය පහසුකම්, පානීය ජලය ඇතුළු සියලු‍ පහසුකම් ලැබුණ ද සවස් වෙද්දී ඇඟ රත් කරගන්නට ගමේ ඒවායින් ටිකක් නොලැබීම නිසා මේ ගමේ පිරිසක් පසුවූයේ දැඩි අපහසුතාවයකිනි.


එක් අයකුට ආවේ අපූරු අදහසකි. අපිට ලැබුණු ආධාර මලු‍වල සීනි තියෙනවා. හෙමිහිට ගමට ගියොත් වඩියක් දාගන්න පුළුවන්.
අපහසුවෙන් සිටි සියල්ලෝම යෝජනාව එක පයින් අනුමත කළහ. තම බිරින්දෑවරුන්ටත් ඥාතීන්ට හොරෙන් හෙමින් සීරුවේ සහන මලු‍වල තිබූ සීනි පාර්සල් පමණක් රැගෙන ඔවුන් නිවෙස් බලා පිටව ගියේ ඒ වන විටත් නිවෙස්වලට තිබූ අවදානම පවා නොතකමින්ය. 
සියල්ලෝම එකතු වී කසිප්පු වඩිය සූදානම් කළහ.
සවස් වෙද්දි එයින් සප්පායම් වුණු ඔවුහු ගමට ඉහළින් කන්ද නාය යාමේ අවදානම පවා නොතකමින් තම නිවෙස්වලම රැය පහන් කරන්නට තීරණය කළහ.
අවදානම පහදමින් ඔවුන් කඳවුරට රැගෙන යෑමට පිරිසක් කටයුතු කළද එය ගණනකට නොගත්හ. 
නිලධාරීන් අසරණ වූවත් ඔවුන්ට තවමත් වගේ වගක් නැත.
දැන් දරුවන් සමඟ බිරින්දෑවරු කඳවුරේය. පිරිමි පාර්ශ්වය විවිධ හේතු කියමින් ගම්මානයේය.

 



අදහස් (0)

සහන සීනි මලු‍වලින් කසිප්පු පෙරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site