නිකං කාල බීල පුරුදු කෙනෙකුට දවසක් නිකං කන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක දී සිදුවූ බවට ආරංචියක් පැතිරෙන්නට විය. ඒ සිද්ධිය සැකෙවින් මෙසේය.
මේ කියන සිද්ධිය සම්බන්ධ පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්වන අයකුය. ඔහු ගමේ හිටියට සමාජය ආශ්‍රය කරන අයෙකි. මොහුට ආවේණික ගතියක් නිසා සමාජයේ කා අතරත් ප්‍රසිද්ධ අයෙකි. ඒ වෙනකක් නිසා නොව කෑමට බීමට ගිජුකමක් දක්වන අයකු නිසායි.
හිතවතුන් විසින් පවත්වන සාදවලට යන මොහු ඒ කිසිවකුටත් සම්මාදන් නොවී නිකං කා බී එන පුද්ගලයෙකි.
අතේ මිල මුදල් ඇති බව හඟවන මොහු හැබැයි ඒ මුදල් එළියට ගන්නා අයකුනම් නොවේ. මෙවැනි ක්‍රියාවලියක යෙදෙන ඔහුට අනෙකුත් අය කිසිවක් නොකියන්නේ ගමේ අයකුට කරදරයක්, වැඩපලක් තිබුණ වෙලාවට බැහැලා වැඩ කරන අයකු නිසාය. එසේ කළත් මොහුගේ මේ පුරුද්දනම් ආශ්‍රය කරන අයට අල්ලන්නේ නැත. මොහු මෙයින් මට්ටු කිරීමට අනෙකුත් අය කතා වුණත් ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොයෙදීම කාටත් ගැටලුවක් වී තිබුණි.
කාලය මෙසේ ගෙවී යද්දී මොහු සමග කන බොන පුද්ගලයකු මෑතදී කුරුණෑගල අවට නගරයක දී හමුවී ඇත. දෙන්නා කුළුපඟව කතා කරමින් සිටින අතර අනෙක් අය කියා ඇත්තේ මට හරි තිබහයි තේ එකක්වත් බොන්න ඕනෑයි කියාය. එය ඇසූ මේ කෑමට ලොල්වූ තැනැත්තා එහෙනං යමු මාත් එන්නම් කියා යහළුවත් සමග හෝටලයකට ගොස් ඇත.
නිකං තේ එකක්වත් බීම පසෙකට ලා ඇති තරම් කෑමට ජාති වේටර්වරයා ලවා ගෙන්වා ගෙන දෙන්නා ඇති පදමට කන්නට වී ඇත.
මෙසේ කමින් සිටි අනෙක් තැනැත්තාට දුරකථන ඇමතුමක් ආ නිසා එතනින් ඉවතට ගොස් කතා කර නැවත කෑම කන තැනට පැමිණ මචං යාළුවෙක් ඇවිත් ඉන්නවා හෝටලය ළඟට. මම ඌත් එක්ක එන්නම් උඹ හිටපං කියා හෝටලයෙන් පිටවගොස් ඇත. එසේ හෝටලයෙන් පිටවගිය මේ අය හෝටලයේ අයකැමිවරයාගේ කනට යමක් කියාගෙන ගොස් ඇත.
හෝටලයෙන් ගිය යහළුවා සෑහෙන වේලාවකින් පැමිණ නැත. මේ නිසා තේ මේසය ළඟට ගිය වේටර්වරයා ‘මහත්තයා තේ බීලා ඉවරද මේවා අස්කරන්න ඕනෑ’යි කියා ඇත. එවිට මේ තැනැත්තා ‘ඉන්න පොඩ්ඩක් මගේ යාළුවා දැන් එයි’. කියා ඇත. ‘අනේ මහත්තයො එයා දැන් එන එකක් නෑ. මම මේසේ අස්කරනවා මෙන්න තේ බීපු බිල’ යනුවෙන් කියා රුපියල් දහසකට ආසන්න වන බිලක් මොහුට දී ඇත.
බිල දුටු මේ පුද්ගලයා අන්දමන්ද වී වටපිට බලන්නට විය. නැවත වරක් පැමිණි වේටර්වරයා ‘මහත්තයා බිලේ සල්ලි දෙන්නැ’යි කියා ඇත. මොහු අත බිල ගෙවන්නට මුදල් නැති නිසා ලැජ්ජාව වසාගන්නටත් උවමනා නිසා ඔහුගේ ජංගම දුරකථනය මුදල් අයකැමිට දී ‘මම සල්ලි අරගෙන එනකං මේක තියාගන්න’ කියා හෝටලයෙන් පිටව ගොස් ඇත.
හැබැයි මේ වනතෙක් ජංගම දුරකථනය බේරාගන්න පැමිණ නැති බවත් දැනගන්නට ලැබුණි. මෙය මොහුගේ යහළුවා විසින් හිතාමතාම සැලසුම් කළ දෙයක් බවත් පසුව ආරංචි වන්නට විය. එදායින් පසු මේ අය තවත් අය සමඟ කන්න බොන්න යාම මගහරිනවා කියලත් ආරංචියි. මිනිහාට දැන් මේවා මට හොඳ පාඩම් කියලා හිතෙනවාද දන්නේ නැත.
තියඩෝර්වත්ත එම්.ඩබ්ලිව්. ජයරත්න
2025 දෙසැම්බර් මස 30
154
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
776
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
377
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිකන් කන්න ගිහින් ෆෝන් එකට තට්ටු කරගෙන