පෝද්දල සරත් ආනන්ද ගමගේ
සහකම්පිත පුරවැසියන් බිහිකිරීම සඳහා කලාවට සාහිත්‍යයට විශාල කාර්යභාරයක් පැවරි ඇතැයි පොර ටෝක් දෙන කලා එකමුතුවකට අඩ තියන්නට ගොස් මාට්ටුවී අකුලාගෙන ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා වාර්තා විය.
හෙතෙම සියලු කලාවන් ප්‍රගුණ කළ අයෙකැයි පාරම්බාන්නෙකි. කොටින්ම කිව්වොත් ඔහු සකලකලා වල්ලභයෙකි. ”මං පොර” යැයි හඳුන්වා ගනිමින් තමා කළ කලා මෙහෙයුම් ගැන පම්පෝරි ගැසීම ඔහුගේ විනෝදාංශය වී තිබුණි.
මේ අතර ගමේ කීර්තිමත් පුද්ගලයෙක් හා ඔහුගේ මිතුරන් පිරිසක් කලා හමුවක් සංවිධානය කරන්නට තීරණය කර ඒ සඳහා අදාළ පුද්ගලයින් දැනුම්වත් කිරීමට කටයුතු කළෝය. මේ සඳහා පිහිටුවා ගත් ඇක්ෂන් කමිටුවට මෙම කලා විශාරදයා සම්බන්ධ කර නොගැනීමට සංවිධායකයෝ මුලින්ම තීරණය කරගෙන තිබුණි. ඔහුගේ අනුදැනුමකින් තොරව මෙම කටයුත්ත සංවිධානය කෙරී ඇති අතර නියමිත දිනයේ ඒ සඳහා ඔහුට ද සහභාගි වන ලෙස ඇරයුම් කර ඇත.
මේ සඳහා තෝරාගත් පිරිසකට පමණක් ආරාධනය කිරීමට සංවිධායකයෝ තීරණය කර තිබුණි. ඒ සඳහා ශාලාවක් ද වෙන්කර ගෙන සහභාගිවන්නන් සඳහා තේ පැන් සංග්‍රහයක් හා දිවා ආහාරය ද ලබාදීමට කටයුතු සංවිධානය විය. ඒ සඳහා සකස් කළ ආරාධනා පත්‍රය ද අදාළ පුද්ගලයින්ට යොමු කළේය.
මේ අතර කලා විශාරදයා තමාට ලැබුණු ආරාධනා පත්‍රය තම මුහුණු පොතේ පළකරමින් සියල්ලන්ටම ඒ සඳහා සහභාගී වන ලෙස ඇරයුම් කළේය. මෙය දුටු සංවිධායකයා මහත් කලබලයට පත්ව ”සීමිත පිරිසකට ආරාධනා කළ රැස්වීමට” සැමට සහභාගී වන ලෙස ඇරියුම් කළේ ඇයි දැයි විමසීය. තමාට වැරදීමක් වූ බව පවසා එය ඉවත් කිරීමට ඔහු පොරොන්දු වී ඇත.
මේ අතර රැස්වීම පැවැත්වීමට පෙර දින මෙම පුද්ගලයා තම මුහුණු පොතට මේ සම්බන්ධ තවත් පෝස්ටුවක් එක් කළේය. ඒ පෙරවරුවේ පැවැත්වෙන රැස්වීම සවස 6.30 ආරම්භ වන බව පවසමිනි. මෙය දුටු ආරාධිතයන් සංවිධායකට කතා කොට වෙලාව වෙනස් කිරීම ගැන විමසා ඇත. එය පළකළ පුද්ගලයාගේ කඩාකප්පල් වැඩකැයි පිළිතුරු දෙමින් නියමිත පරිදි සඳහන් කළ වෙලාවට එය පැවැත්වෙන බව පවසමින් අර තැනැත්තාට දෝෂාරෝපණය කර පෝස්ටුව ඉවත් කරන ලෙස දැනුම් දී ඇත. ඉන්පසු ඔහු එය ඉවත් කර තිබේ.
නියමිත පරිදි පසුදා රැස්වීමේ කටයුතු ආරම්භ විය. වැඩේ කඩාකප්පල් කිරීමට උත්සාහ කළ පුද්ගලයා ආරම්භක අවස්ථාවට සහභාගී වී නැත. ඊට සුළු මොහොතකට පසුව මෙම තැනැත්තා ශාලාවට පැමිණ ‘‘තමා පැමිණෙනවිට ක්ලාන්තයක් සෑදී රෝහලට ගොස් බෙහෙත් ගත්තා” යැයි පවසමින් සංවිධායකයකු හමුවී පරණ බෙහෙත් පෙති තොගයක් ද පෙන්වා තමාට මෙහි රැඳී සිටීමට තරම් ශාරීරික යෝග්‍යතාවක් නැතැයි කියමින් හොරෙන්ම එතනින් මාරුවී ඇත.
පසුව සහභාගිවූවන් මේ පුද්ගලයා මාරුවී ගිය සිද්ධිය දැනගෙන ඇති අතර ‘‘රෙද්දක් ඇඳගෙන මෙතන ඉන්න බැරි නිසා” ඔහු යන්නට ඇතැයි කියා බොහෝ දෙනෙකු පැවසුවාලු.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
“පොර’’ වෙන්න ගිහින් රෙදි ගලෝගෙන