මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම
අසාධ්‍යව සිටි රෝගියකු ආරක්ෂිතව රෝහල් ගත කිරීමට සැරසීමේදී රෝගියා බිමට ඇදවැටීමෙන් රෝගය උත්සන්න වූ පුවතක් වයඹ පළාතේ ගැමි පෙදෙසකින් අසන්නට ලැබුණි.
රෝගියා වියපත් වියේ පසුවෙන අයෙකි. විවාහක දරු තිදෙනකුගේ පියෙකි. දරුවෝද විවාහ වී පිට පළාත්වල වාසය කරති. මේ තත්වය හමුවේ වියපත් යුවළ පමණක් නිවසේ වාසය කරති.
එක් පුතෙකු සේවය කරන්නේ සෞඛ්‍ය සේවාවේය. ඔහු බිරිය හා දරු මුණුපුරන්ද කැටුව මුල් ගෙදරට ඉකුත්දා පැමිණියේය.
ඒ වනවිට පියා රෝගීව පසු විය. ඒ කොඳු ඇට පේළියෙන් ඇතිවෙන වේදනාවක් නිසාය. ඔහු සුපුරුදු පරිදි නිවසේ කාමරයක බූරු ඇඳක පසු වූවේය. රෝගය එන්න එන්නම උත්සන්න විය. ගෙදර අවට අය ද එතැනට පැමිණ සිටියහ. ඒ අතරේ පිටත සිට පැමිණි තම පුතු පියාගේ රෝගි ලක්ෂණ පරික්ෂා කරමින් තතු විමසමින් සිටියේය.
“තාත්තා ඉන්න තත්වය වෙනස් කරන්නට හොඳ නෑ. කශේරුකාවලට යම් හානියක් වෙන්නට පුළුවන්. අපි තාත්තා බුරු ඇඳ පිටින්ම උස්සාගෙන මගේ වෑන් එක ගාවට අරන් යමු. එතැනින් හිමීට වෑන් එකට මාරු කරමු.” පුතා කීවේය.
“නෑ නෑ මට ඇවිදගෙන ගියා හැකි. බොරුවට වද විඳින්න එපා. මම නැගිටින්නම්” පියා ප්‍රතිඋත්තර දුන්නේය.
“මේ මාමණ්ඩි, පුතා රෝහලේ වැඩ කරන්නේ. ඔහු යමක් දන්නා හින්දනේ බහින්න එපා කියන්නේ. ඔහොම ඉන්න. අපි ආරක්ෂිතව අරන් යන්නම්.” අවට සිටි අයෙක් කීවේය.
අකමැත්තෙන් වුවද ඊට අවනත වූ පියා එහි නිදා සිටියේය. බූරු ඇඳ පිටින්ම හතර දෙනෙක් කොන් හතරෙන් ඔසවාගෙන ගේ අසල නවතා ඇති වාහනය දෙසට පිය නැගූහ. යන්නට හැකි වුණේ ටික දුරකි. බූරු ඇඳේ ගෝනිය දිරාපත් වෙලාය. එක පාරටම චරාස් ගා මැදින් ඉරුණි. ඇඳ මත සිටි පියාගේ සිරුරේ කොටසක් බිමය.
“යකෝ තොපිට මම කිව්වේ ඕක තමයි. තිබුණේ කොන්ද අමාරුවක් විතරයි. දැන් මගේ කොන්ද කැඩිලා වාගේ. අම්මේ මට බැරුවා” තොරතෝංචියක් නැතිව පියා විලාප දුන්නේය.
“මාමණ්ඩි අපිට බනින්න එපා. රෝහලේ ඉන්න ඔයාගේ පුතාගේ සෞඛ්‍ය උපදෙස්වලට කටයුතු කරන්න ගිහින් තමයි මේක වුණේ” කියමින් අවට උදව්වට පැමිණි තරුණයින් ද පවසන අතරේ, තිබුණු ලෙඩකට අමතරව නැති ලෙඩකටත් එක්ක බෙහෙත් ගැනීමට පුතා පියා රැගෙන රෝහල කරා ගියා ලු.
2025 දෙසැම්බර් මස 04
558
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
492
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බූරු ඇඳ කඩා වැටී අමාරුව ඩබල් වෙලා
ගුණරත්න Wednesday, 10 December 2025 11:29 AM
හැමදාමත් තාත්තා කියන දේ අහන්න ඕන