IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


“දිට්වා“ ආධාරෙට ගිහින් රෝන්දේ ගහලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



පාසලේ සම වයසේ මිතුරු මිතුරියන් සමඟ නගර මධ්‍යයේ ගසා ඇති අට්ටාලයේ සිට දිට්වා ආධාර එකතු කිරීමට යනවා යයි කියා නිවසින් පිටව ගිය සිය දියණිය හැබෑවටම ගොස් තිබෙන, අමුතුම ගමන, අමුතුම ආකාරයට සොයා ගත් මවක පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
දෙන්න දෙමහල්ලන්ට සිටි එකම දුව ඇයයි. සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත්වූ දුවට මේ දෙන්න දෙමහල්ලන් ස්මාර්ට් පෝන් එකක් මිලදී ගෙන දුන්නේ හේතු කිහිපයක් මුල් කර ගෙන ය. ඒ අතරින් හේතු දෙකක් ප්‍රධාන ය. අධ්‍යාපන වැඩවලට එය පාවිච්චි කිරීම ප්‍රමුඛ ය. අමතර පන්ති ගිය විට ඇය ඉන්න තැන මෙන්ම නිවසට එන වෙලාව දැනගැනීම දෙවැන්න ය. තමන්ලා දෙන්නා සාමාන්‍ය පෝන් භාවිතා කළත් දුවට ස්මාර්ට් පෝන් එකක් අරන්දීම ගැන මේ දෙන්නා දෙමහල්ලන් සිටියේ ලොකු සතුටකිනි. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වූවාක් මෙන්ම උසස් පෙළ විභාගය උසස් ලෙස සිය දියණිය කර ගැනීමට මේ ස්මාර්ට් පෝන් එක ඇය උපයෝගී කොට ගනිවී යැයි සිතා ඔවුහු සතුටු වූහ.


එදා ඇය මවට වැද පස්වරුවේ නිවසින් පිටව නගරයට ගියේ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූවන්ට ආධාර එකතු කිරීමට ඒ සඳහා වූ නගර මධ්‍යයේ තනා ඇති අට්ටාලයට යන බව පවසා ය. ඇය එම ගමන ගියේ නගරයේ පාසලේ සම වයසේ මිතුරු, මිතුරියන් මේ කාර්යයේ නිරතව සිටින බවද මවට පවසමිනි. මේ කුණාටුවෙන් රටටම වූ විපත විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙන්ම කටකතා මාධ්‍ය ඔස්සේ දැනගත් මව නිවසේ නොසිටි පියාගේ ද අවසරය නොගෙන සිය දියණියට මේ සත් කාර්ය සඳහා යාමට අවසරය ලබාදුන්නේ එක පයින්ම ය.
මේ දියණිය නිවසින් පිටවී පැයක් එක හමාරක් ගිය තැනේදී ඇයගේ මවට අසල්වාසී කතකගෙන් තොරතුරක් ලැබුණි. ඒ දියණිය තවත් පිරිමි ළමයකු සමඟ මුහුදු වෙරළේ සිටිනා බවය. මේ මව එය කෙසේවත් නොපිළිගත්තාය. එවිට මේ අසල්වාසී කත ඇයගේ ස්මාට් පෝන් එක ක්‍රියාත්මක කොට ඇය විනාඩි කිහිපයකට පෙර සිය ස්මාර්ට් දුරකතනයට දමා තිබූ ස්ටේටර්ස් එක පෙන්නුවා ය. මේ මවගේ දෙඇස් උඩගියේ එවිට ය. ඇය බොහෝ සෙයින් කලබල වූවා ය.
තමන්ගේ සාමාන්‍ය ජංගම දුරකතනයෙන් දුවට කතාකොට දොස් කියන්නට සැරසුණා ය. එසේ නොකරන ලෙස අවවාද කළ අසල්වාසී කත, මේ පුවත තමා කනේ තැබූ වගක් දුවට නොකියන්නට ද පොරොන්දු කරගෙන ගියාය.
දුව එදා වෙනදා මෙන් මළ හිරු රැස් බැස ගෙන යන යාමේ නිවසට ගොඩවූවා ය. අද කොහේ ද ගියේ ඇය දුවගෙන් විමසුවා ය. ඇයි අම්මේ මම ගියේ දිට්වා ආධාර එකතු කරන්න නේ යයි දුව කීවාය. දිට්වා ආධාර එකතු කරේ වැල්ලෙද මව ඇසූ විට දුවට තරු පෙනුණි.
අම්මට කවුරුහරි බොරුවක් කියලා තියෙනවා යයි කියමින් ඇය ශුද්ධවීමට පටන් ගත්තා ය. ඔව්, ඔව් ආධාර එකතු කරපු හැටි ගමේ එක එකාලා පෝන් අරගෙන ඇවිල්ලා මට පෙන්නුවා යයි මව කීවාය. මව එසේ කී විට දුවට කටඋත්තර නැතිවිය.



අදහස් (0)

“දිට්වා“ ආධාරෙට ගිහින් රෝන්දේ ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site