IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බත් පතෙනුත් ගසා කාලා


දඹුල්ල කාංචන කුමාර ආරියදාස



අවතැන් කඳවුරේ සිටින අහිංසකයන්ට දෙන්න සූදානම් කළ බත් පතේ මාළු ව්‍යංජනයෙන් ගසා කෑ දේශපාලකයකු සම්බන්ධයෙන් තොරතුරක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ
දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සාමාජිකයකු ලෙස පෙනී සිටින පුද්ගලයකු ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මාළු වෙළඳ සලකට පැමිණියේය. 
ඔහු මාළු ව්‍යාපාරිකයා අමතා අවතැන් කඳවුරක දිවා ආහාරය සූදානම් කර ඇති බවත්, ඒ සඳහා මාළු පිළියෙල කරන බව පවසා අඩුමිලට මාළු කිලෝ 15ක ප්‍රමාණයක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කළේය.
අපි අවතැන් වෙලා ඉන්න පිරිසකට ආහාර වේලක් පිළියෙල කරනවා. මිල අඩු කරලා මාළු ටිකක් දෙන්න පුළුවන්ද? පැමිණි දේශපාලනඥයා මුදලාලිගෙන් විමසීය. මේ දවස්වල අපිත් අසරණ මිනිස්සුන්ට හැමදාම උදව් උපකාර කරනවා. මම ගෙනාවේ රුපියල් 800ට. මට ලාබ එපා. අරගෙන යන්න අටසීය ගානේ මට දෙන්න වෙළෙන්දාගේ පිළිතුර විය.
හරි එහෙනම් මුදලාලි මාළු කිලෝ 15 ලබා දෙන්න පෙරළා ප්‍රාදේශීය දේශපාලනඥයා පැවසීය.


වෙළඳසලේ ගෝලයා මාළු ටික කපා පාර්සල් කොට ඔහුට දුන් පසුව මුදල ගෙවීමට මුදලාලි ළඟට ගොස් තිබේ.
මට උදව්වක් කරන්න පුළුවන්ද? දේශපාලනඥයා මුදලාලිගෙන් ඇසීය. පෙරළා පිළිතුරු දුන් මුදලාලි මට කරන්න පුළුවන් උදව්ව තමයි කළේ යනුවෙන් ප්‍රකාශ කර ඇත.
දන්නවනේ මේ වැඩ කරන්න ගියහම තේ එකක්වත් බොන්න විදිහක් නෑ. මේකට රුපියල් 900 ගා​ෙන් බිල දාලා දෙන්න.
ඇස් දෙක උඩගිය මුදලාලි මට හුළං හමන පැත්තත් අමතක වුණා. මම හිතුවේ නෑ ඔයාලා මේ වගේ පහත් යෝජනාවක් මට කරයි කියලා. මොකද මම ඔය දේශපාලන පක්ෂයේම වැඩ කරන කෙනෙක්. මට ඒක කරන්න බැහැ. හැබැයි මම බිල දෙන්නම්, මම මේක ඉහළටම දන්වා සිටිනවා. මඳ වේලාවක් හුළං එන දිසාවට මුහුණ යොමාගෙන සිටි මුදලාලි දහඩිය පිසදා අවශ්‍යතාව ඉටුකර දුන්නේය.
කිසිදු හිරිකිතයක් ලජ්ජාවක් නැතිව දේශපාලනඥයා මාළු කිලෝ පහළොව රැගෙන අවතැන් කඳවුරේ ආහාර පිසින්න පිටත්ව ගියේය.

 



අදහස් (0)

බත් පතෙනුත් ගසා කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site