IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දීමනාව ගන්න අමුතුම තාලේ ගේමක් ගහලා

තමා අධ්‍යක්ෂ මණ්ඩල දීමනා නොගන්නා බවට රට්ටුන් රවටා අපූරු උපක්‍රමයක් භාවිතා කරමින් අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ලබාගත් සමුපකාර සමිති උපසභාපතිවරයකු පිළිබඳ කතාවක් දකුණේ සමුපකාරයකින් අසන්නට ලැබේ.
මිනිහට අවශ්‍ය කැපී පෙනෙන්නය. තමා වැඩකාරයා යයි පෙන්වීමටත් ඔහු නොගන්නා උත්සාහයක් නැතිතරම්ය. එමෙන්ම සමුපකාරයේ උපසභාපති වුවද කිසිදු දීමනාවක් ලබා නොගන්නා බවට ඔහු විශාල ප්‍රචාරයක් ගෙන ගියේය. එය ඒත්තු ගැන්වීමට විවිධ උපක්‍රමයන්ද යෙදවීය. බොහෝ අය එය පිළිගත්හ. ඉතාම සුළු පිරිසක් පමණක් ඒ ගැන දැන සිටියෝය.


ඒ ඒ සම්බන්ධයෙන් රාජකාරී කරන සමුපකාර සේවකයන් එක්කෙනෙක් දෙන්නෙක්ය. මේ අය මේ ගැන කට නෑරියේ උප සභාපතිවරයාගේ තරම දන්නා නිසාය. ඔහු තරහා වුවොත් නයා සේය. පහර දෙන්නේ පන්න පන්නාය.
අධ්‍යක්ෂ මණ්ඩල දීමනා මාසයෙන් මාසය ගෙවනු ලබයි. ඒ පොතක අස්සන් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව අනෙක් අධ්‍යක්ෂවරු දීමනාව මාසයෙන් මාසය පොතේ අත්සන් කර ලබා ගනිති. උපසභාපති එය නොගන්නේය. බාහිරෙන් බලන ඕනෑම කෙනකුට පෙනෙනුයේ ඔහු දීමනා ලබා නොගන්නා බවය. මෙය මෙසේ සිදුවන්නේය.
 මාස තුන හතරකට පසු මේ උපසභාපතිවරයා මේ සමුපකාර සමිතියේ වගකිවයුතු නිලධාරීන් හමුව කියනුයේ ගමේ පන්සලේ වැඩකට මුදල් දීමට අවශ්‍ය නිසා තමාගේ අධ්‍යක්ෂ මණ්ඩල දීමනා ලබාදෙන ලෙසය.
සේවකයෝ ඔහුගේ හිඟ මාස සියල්ලේම දීමනා එකතු කොට සාදා දෙති. මාසයෙන් මාසයට  දීමනා ගන්නවාට වඩා එකතු කොට ගන්නා විට මුදල ලොකුය. මේ ආකාරයට මාස තුන හතරකට වරක් ඔහු එක එක රටේම නැති බොරු කියා  දීමනාව ලබාගන්නේය. ඔහු එම මුදල් පන්සලට හෝ වෙනත් පොදු දෙයකට නොදී සිය වියදම සඳහා ප්‍රයෝජනයට ගන්නා බව දන්නෝ දනිති. නොදන්නෝ තවමත් නොදනිති.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

දීමනාව ගන්න අමුතුම තාලේ ගේමක් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 154 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site