උණවටුන – ඩී.ජී. සුගතපාල
ඔහු ගාල්ල දිස්ත්‍රික්කයේ ගමක ජීවත් වූ පුද්ගලයෙකි. ඒ වනවිට පනස් හැවිරිදි වියේ පසුවූ ඔහු ගමේ අය හැඳින්වූයේ “පාල අයියා” නමිනි. එහෙත් ඔහුගේ උප්පැන්නයේ නමේ පාල යනුවෙන් නමක් නැත. ඔහුගේ වාසනාවට හෝ අවාසනාවට විවාහ වූයේ අවුරුදු හතළිස් පහක්ද ගතවූ පසුවය. ඔහුට ස්ථිර රැකියාවක් නොවූ අතර එදිනෙදා කුලී වැඩ කරමින් දෙදෙනාගේ වියදම සොයාගනු ලැබීය.
ඒ වනවිට ඒ අසල ගම්මාන කිහිපයක මැණික් ගැරීම සිදුවිය. මේ අතර දිනක් ඔහුගේ යහළුවකු පැවසුවේ ඔවුන් පදිංචි ඉඩමේද මැණික් තිබෙන්නට පුළුවන් බවය. එනිසා ඉඩමේ මැණික් ගරමුදැයි යහළුවා යෝජනා කළේය. ටික වේලාවක් කල්පනා කළ ඔහු එම යෝජනාවට කැමති විය.
දැන් එම ඉඩමේද මැණික් පතලකි. ඔහුගේ පින පෑදිණ. කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි වටිනා මැණිකක් ලැබිණ. මැණිකක් ලැබීමේ ආරංචිය පළාතේ වේගයෙන් පැතිර ගියේය. “පාල අයියට මැණික් හම්බවෙලා.” කටින් කට පැතිර ගියේය. ඒ සමගම මෙතෙක් නොසිටි නෑදැයන්ද හිතමිතුරන්ද ඔහුගේ නිවෙසට එන්නට වූයේ ඔහුට සුබ පතන්නටය. නෑදෑකම් හිතවත්කම් අලුත් කර ගන්නටය.
කහවත්තේ මුදලාලි කෙනෙක් නිවෙසටම පැමිණ මැණිකට මිලක් නියම කර ගියේය. එහෙත් අලුතෙන් පැමිණි නෑදෑ හිතමිතුරන් කියා සිටියේ මැණික තවත් විශාල මුදලකට විකිණීමට හැකි බවය. ඒ අනුව ඔහු මැණික කහවත්තේ මුදලාලිට නොදී තවත් මැණික් මුදලාලිලා කිහිප දෙනකු ළඟටම ගෙන ගියේය. ඔහුට මැණික් පිළිබඳ එතරම් තේරුමක් නැති බව දැනගත් එම මුදලාලිලා මැණික ඉල්ලුවේ අඩු මුදලකටය.
පසුව මැණික කහවත්තේ මුදලාලිටම හිමිවිය. දැන් පාල අයියා ගමේ සිටින පොහොසතෙකි. ඔහු පොහොසතකු වූ පසු ප්‍රධාන කරුණු දෙකක් කළේය. පළමුව කළේ ඔහුගේ බිරිඳ මාරු කිරීමය. විවාහක බිරිඳ එළවා දමා ඔහුට වඩා ඉතා වයසින් අඩු තරුණියක කැන්දාගෙන ආවේය. දැන් ඔහු සිටින්නේ තරුණ අනියම් බිරිඳ සමගය. තව ටික දවසකින් ඔහු මියගිය පසු මුදල් සියල්ල තමාට අයිතිවන බව ඇය දැන සිටියත් අනියම් බිරිඳකට දේපළ අයිති නොවන බව ඇය දැන සිටියේ නැත.
ඔහුගේ දෙවැනි කරුණ වූයේ නගරාසන්නයේ පාර අයිනේ නිවෙසක පදිංචියට යාමය. මේ බව දැනගත් බොහෝ ඉඩම් හිමියන් කීයකටවත් විකුණා ගැනීමට බැරි ඉඩම් ගෙවල් දොරවල් පවා ලක්ෂ ගණන්වලට විකුණන්නට සූදානම් විය. එහෙත් ඒවා හරිගියේ නැත. අවසානයේ ප්‍රධාන පාර අයිනේ වත්තක් තුළ පිහිටි පැරණි නිවෙසක් ඔහු මිලට ගත්තේය.
එසේ මිලට ගෙන නිවෙස අලුත්වැඩියා කරමින් සිටින විට මිතුරා පැමිණ යෝජනාවක් කළේය. “ගේ පදිංචි වෙන දවසට අපි හොඳ පාටියක් දාමු. මම දන්න ගායක ගායිකාවො කිහිප දෙනෙක් ඉන්නවා. එක්ක එමුද?” මිතුරාගේ යෝජනාවට ඔහු එක පයින් එකඟ විය. ඔහු අලුත් බිරිඳ සමග අලුත් නිවෙසට පැමිණියේය. දිවා කල ආගමික වතාවත්වලින් පසු රාත්‍රී පාටියක් තිබෙන බව ගම පුරා පැතිර ගියේය. ජනප්‍රියම ගායකයන් කිහිප දෙනකුගේ නම් කියවිණ.
ගම පුරා පැතිර ගිය ආරංචිය සැබෑවකි. රාත්‍රී සංගීත පාටිය ආරම්භ විය. ටික වේලාවක් යනවිට තරුණ පිරිසක් නිවෙස ඉදිරිපිටට පැමිණ ජනප්‍රිය ගායකයකුගේ ගායනයට නටන්නට වූහ. එහෙත් වැඩි වේලාවක් ඔවුනට නටන්නට බැරි විය. එක්වරම මැණික් පාල අයියා පැමිණ “කවුද යකෝ මගේ ගෙදර ඉස්සරහට ඇවිල්ල නටන්නේ?” තරුණයකුගේ මුහුණට පහරක් එල්ල කළේය. ඔහු සිතුවේ තමාට අපහාස කිරීමේ අරමුණින් තරුණයන් නටන බවය.
තරුණ පිරිස කෑකෝ ගසමින් දුවන්නට වූ අතර ගායකයා ගායනයද නතර කළේය. සිදුවූ කලබලය ගම පුරා පැතිර ගියේය. ටික වේලාවකදී මැණික් පාල අයියාගේ නව නිවෙස තුළට ගල්මුල් ගලා එන්නට විය. තවත් ටික වේලාවක් යනවිට අසූචි බෑග්ද ගලා ආවේය. පළාත පුරාම දුර්ගන්ධය පැතිර ගියේය. ගායකයන් කඩිමුඩියේම සංගීත භාණ්ඩ අසුරන්නට වූ අතර පැමිණ සිටි අමුත්තෝද පිටව යන්නට වූහ.
ටික වේලාවකදී පොලිසිය පැමිණියත් ඒ වනවිට නිවෙසේ සිටියේ ඔහුගේ ළඟම ඥාතීන් කිහිප දෙනකු පමණි. සැකකරුවන් කිසිවකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකිව පොලිසිය ආපසු ගියේය. උත්සවයට පැමිණෙන අමුත්තන්ට දීම සඳහා සූදානම් කර තිබූ ආහාර පාන පසුදින නගර සභාවේ කුණු ලොරියට පටවන අයුරු අසල්වාසීන් බලා සිටියේ සිනාසෙමිනි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ඉදිමෙන්න ගිහින් ජරාව නාලා